https://www.gossiplankanews.com/2020/01/haputhale-helicopter-crash.html

 11.45 am
 අනතුරින් මියගිය අය SQUADRON LEADER වීබැද්ද, LIGHT LIEUTENANT කුලතුංග, සැරයන් කුමාර සහ නායක ගුවන් භට හෙට්ටිආරච්චි යන පිරිස වන අතර යානයේ නියමුවන් දෙදෙනා සහ නිරික්ෂකයින් දෙදෙනා ලෙස කටයුතු කරමින් සිටියහ.
අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ පිහිටි නිවසක සිටි කාන්තාවක්ද තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

 11.10 am
අද උදෑසන හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානාවක් වන අතර ගුවන් අවේෂණ කටයුතු සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගතවූ මෙම යානය ගිනිගෙන හපුතලේ නගරයට ආසන්නයේදී කඩාවැටී ඇති බව වාර්තාවේ.
වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගමන් ආරම්භ කරන අවස්ථාවේ ගුවන් හමුදා නිලධාරීන් සිවු දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියල්ලන්ම මියගොස් ඇති බව වාර්තාවෙයි.
මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පරික්ෂණ කමිටුවක් පත්කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගිහාන් සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කර තිබේ.

 10.40 am
හපුතලේ තම්බපිල්ල මාවත ප්‍රදේශයේ දී කඩා වැටුණු යානය පුද්ගලික සමාගමකට අයත් බවට හා හෙලිකොප්ටරයක් බවට මුලින් වාර්තාවූවද වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12  කුඩා ගුවන් යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කර ඇති බව අලුත්ම වාර්තා වල දැක්වේ.
මෙම ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 2 ක් බව මුලින් පැවසුණ අතර එම ගණන 4ක් දක්වා ඉහළගොස් ඇති බවට දැන් තොරතුරු වාර්තාවෙයි.

10.15 am
අද උදෑසන හපුතලේ තම්බපිල්ලෙයි ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්ව ඇති බව
පොලිස් ආරංචි හෙළි කළේය.

අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය පෞද්ගලික සමාගමකට අයත් හෙලිකොප්ටර් යානයක් වූ අතර අනතුරට ලක්වූ ස්ථානයේ තිබී පුද්ගල මළසිරු දෙකක් හමුවී ඇත.
අනතුරට පත් හෙලිකොප්ටර් යානාවේ සිටි දෙදෙනෙකුගේ සිරුර හඳුනාගත් බව පොලිසියද තහුවුරු කර තිබේ.






https://gallery.gossiplankanews.com/news/haputhale-y12-air-craft-crash.html
Pix By- Prasanna Padmasiri Bandara