මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියළු
සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් ජනපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් නිකුත් කර තිබේ.
හදිසි නීතිය ඉවත් කිරිමෙන්

පසු ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ මාසිකව මෙම ගැසට් නිවේදනය නිකුත් කරයි.
මීට පෙර මෙම නිවේදනය පසුගිය දෙසැම්බර් 22 වනදා නිකුත් කෙරෙනු අතර අද සිට බලපැවැත්වෙන පරිදි අදාල නියෝග මෙම ගැසට් නිවේදනය මගින් අලුත්කර ඇත.