එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට සහ විස්සයි-20 තරගාවලියකට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන පෙබරවාරි මස 10 වැනිදා ශ්‍රී ලංකාව පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (21දා) නිවේදනය කළේය.

තරග 3කින්
සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කණාඩායම අතර පළමු එක්දින තරගය පරවාරි මස 22 වැනිදා දිවා තරගයක් ලෙස කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, දෙවැනි තරගය 26 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙසින්  හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඞ්ගණයේදී පැස්වීමට නියමිතය.

තුන්වන සහ අවසාන එක්දින ක්‍රිකට් තරගය මාර්තු මස 1 වැනිදා මහනුවර පල්ලේකැලේ ජාතතර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරගයක් ලෙසින්.

මෙම තරගාවලීයට අදාළව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළවූ තරගය මාර්තු මස 4 වැනිදා සහ දෙවැනි තරගය මාර්තු මස 6 වැනිදා නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටේ නියමිතය.