රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනය අත්‍යයවශයෙන්ම පාලනය කර, ඊට වැටබැදිය යුතු
බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

හෙතෙම පෙන්වා දුන්නේ, තෘතීයික අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රාජ්‍ය සම්පත් නොමැතිකම බාධකයක් නොවිය යුතු බවයි.

ඒහිදී රට තුළ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් තෘතීයික අධ්‍යාපන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව ඉහළ දැමිය හැකි නම් බුද්ධි ගලනය වළක්වා ගත හැකි වනවා සේම ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සැක්ලකිය යුතු මට්ටමින් රන් පිටවීම අවම කර ගැනීමටද උපකාරී වනු ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර
සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවැති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2018 වර්ෂය වෙනුවෙන් පැවැති උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සහතික වන්නේ නම්, ලංකාවේ අධ්‍යාපනය සඳහා විදෙස් සිසුන් ආකර්ෂණය කරගත හැකි බවද එහිදී පවසා සිටි ජනාධිපතිවරයා, උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රය රට වෙනුවෙන් විදේශ විනිමය උපයන මාර්ගයක් බවට පරිවර්තනය කළ හැකි බවද සදහන් කර සිටියේය.

විද්‍යාර්ථයින් එක්දහස් දෙසිය අසූදෙදෙනෙකුට එහිදී උපාධි පිරිනැමූ අතර, දර්ශනපති උපාධිලාභියකු ඇතුළු පශ්චාත් සහ විද්‍යාපති උපාධිධාරීහු 224 දෙනෙක් ඔවුන් අතර වෙති. එසේ ප්‍රථම උපාධිධාරීන් ගණන 1,057කි.

2019 වසරේ විශිෂ්ට දක්‍ෂතා දැක්වූවන්ට තිළිණ ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.
ඒ අනුව එහිදී උත්සව සභාව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ කතාව පහතින් වේ.
"රටේ අධ්‍යාපන පද්ධතියේ සැබෑ ශක්‍යතා විවර කර ගැනීමට අප තව බොහෝ දේ කළ යුතුය. වර්තමාන අධ්‍යාපන ක්‍රමය විභාග ඉලක්කරගත් එකක්. එය සිසුන්ගේ උසස් අධ්‍යපන අවස්ථා පටු වීමට හේතු වී ඇත. දැනුම, නිපුණතා සහ කුසලතා සැලකිල්ලට නොගෙන විභාග ප්‍රතිඵල මත අනාගතය තීරණය කරනු ලැබේ. ඒ නිසා දෙමවුපිය සහ සමාජ අසහනය වැඩි වී ඇත. දරුවන්ගේ ජීවිතයේ වඩා තීරණාත්මක අවධිවල පුද්ගල අභිවෘද්ධිය
සඳහා වන අවස්ථා රැසක් අහිමිව තිබෙන බවද දැකිය හැක.

රටෙ දරුවන්ට අධ්‍යාපනය තුළ අතරමං වීමට ඉඩදිය නොහැක.රජය මම පෞද්ගලික අංශයේ අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතුයි. විශ්වවිද්‍යාල සහ අනෙකුත් තෘතීයික අධ්‍යාපන ආයතන සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීම ඉතා වැදගත්ය.

රජයේ විශ්වවිද්‍යාලවල යටිතල පහසුම් සංවර්ධනයට සහ මානව සම්පත් වර්ධනයට වැඩි වශයෙන් ආයෝජනය කළ යුතුය.

එමෙන්ම විශ්වවිද්‍යාලවලින් පිරිනමනු ලබන උපාධි පාඨමාල සිසුන් අපේක්‍ෂ කරන රැකියා අවස්ථා ළගා කර ගැනීමට උපකාර වන අන්දමින් නිර්මාණාය කිරීමේ වැදගත්ය.

21 වැනි සියවස දැනුම් සියවසයි. කෘත්‍රිම බුද්ධිය, දත්ත, රොබෝ තාක්‍ෂණිය, අත්තර්ජාලය සහ ජෛව තාක්‍ෂණය, ස්වංයක්‍රීයකරණය වැනි තාකෂණික අංගයන් ඉදිරි දශක කිහිපය තුළ සංවර්ධිත රටවල ආර්ථික වර්ධනය ප්‍රතිනිර්මාණය කර ඇත.

 එහිදී පරිවර්තනීය තාක්‍ෂණයන් විසින් ලබාදෙන අවස්ථා කල්තියාම හඳුනාගත යුතුය.

තෘතීයික අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රාජ්‍ය සම්පත් නොමැතිකම බාධකයක් නොවිය යුතුයි.

රට තුළ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් තෘතීයික අධ්‍යාපන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව ඉහළ දැමිය හැකි නම් බුද්ධි ගලනය වළක්වා ගත හැකි වනවා සේම අපගේ වින්දේශ සංචිත සැලකිය යුතු මට්ටමින්  රටින් පිටවීම අවම කර ගැනීමට උපකාරී වේ.'සෞභාගයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කර ඇති පරිදි පෙර පාසල් අධ්‍යාපනයේ සිට තෘතීයික
අධ්‍යාපන මට්ටම දක්වා අධ්‍යාපන  ක්‍ෂේත්‍රයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම්සහගතව අපි කටයුතු කරමු. ඒ අනුව ඒ සඳහා සහාය වන ලෙසට ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටිමු."

නිදර්ෂනී වික්‍රමසිංහ