පිරිමි අදුම්වලට සමාන ඇඳුම් ඇඳගෙන බීමත්ව රිය පැදවූ කාත්තාවකට රුපියල් 25,000ක දඩයක් තඹුත්තේගම මහෙස්ත්‍රාත් කේ.ඒ. රමිලා නදීශානී මහත්මිය නියම කළාය.

මෙසේ දඩ නියම වුයේ නෙළුවනිතුඩුව හංවැල්ල පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකටය.

කලක පටන් අධික ලෙස බීමත් කමට ඇය ඇබ්බැහි වූ අයකු බව පොලිසිය කළ පර්ක්ෂණවලින් අනාචරණය කරගෙන තිබේ.

තලාව ප්‍රදේශයේ ඇගේ මිතුරියකගේ නිවෙසට පැමිණ
එහිදි කිහිපදෙනකු සමඟ එක්වී ඇය මත්පැන් පානය කොට නැවතත් හංවැල්ලට යමින් සිටියදී ඉකුත් දා රාත්‍රි 7.45 පමණ තලාව නගරයේ මාර්ග බාධකය රාජකාරීයේ නිරත නිලධාරීන් ඇය පරීක්ෂා කිරීමේදී අධික ලෙස බීමත්ව රිය ධාවනය කරන බව දැන ගන්නට ලැබී ඇත.

පිරිමි ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගෙන සිටි නිසා පිරිමියකු බව බාහිර පෙනුමෙන් පෙනුණිද රියැදුරු බලපත්‍රය පරික්ෂා කිරීමේදී කාන්තාවක් බව තහවුරු වීමෙන් පොලිස් කාන්තාවක් ගෙවාගෙන ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

තලාව රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇය මත්පැන් පානය කර ඇති බව එම නිලධාරියාද තහවුරු කර තිබේ.

සැකකාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද කිත්සිරින්ද සිල්වා මහතා කරුණු දැක්වීය.

පො.සැ. හේරත් (33555) මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

තලාව පොලිස් ස්ථානාධිපති පො.ප. සංජීව බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත පො.සැ. අමල් (1O953),
පො.කො. චන්ද්‍රසේප්න (61351) , අත්තනායක (83207), හා කා.පො.කො. ප්‍රියංකා (3123) යන මහත්ම මහත්මීහු පරීක්ෂණ පැවැත්වූහ.

රාජාංගණය - කේ.එම්. චන්දික