ඉන්දියාවේ ක්‍රිකට් පිටියේ ශක්තිමත්ම පුරුක ලෙස හැඳින්වූ සහ හොඳම නායකත්වය සපයන්නා ලෙස නම් දරා සිටි මහේන්ද්‍ර සිං දෝනිව අද එරට ක්‍රිකට් පරිපාලකයින් විසින් කණ්ඩායමෙන් ඉවත් කර ඇත.
අසමත්භාවය පිළිබඳ ලකුණු අවම වීම මත මහේන්ද්‍ර සිං දෝනි බීසීසීඅයි කොන්ත්‍රාත් ලැයිස්තුවෙන් බැහැර කර ඇති බව අද ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ලදි.. අවසන් වරට ඔහු සිටියේ A ශ්‍රේණියේ ය. බී.සී.සී.අයි
බ්‍රහස්පතින්දා නිකුත් කළ කොන්ත්‍රාත් ලැයිස්තුවට ක්‍රීඩකයින් 27 දෙනෙකු ඇතුළත්ව ඇත. විරාත් කෝලි, රෝහිත් ෂර්මා සහ ජස්ප්‍රීත් බුම්රා යන අයට ද “ඒ ප්ලස්” ලබා දී ඇති අතර, පසුගිය වසරේදී මෙම ශ්‍රේණියේම සිටි ක්‍රීඩකයින්වූ දෝනි, දිනේෂ් කාර්තික්, අම්බති රායුඩු සහ කලීල් අහමඩ් ද කොන්ත්‍රාත්
ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ.
මේ අතර මයාන්ක් අගර්වාල්, ශ්‍රියාස් අයර්, නවදීප් සයිනි, දීපක් චහාර්, ෂර්දුල් තාකූර් සහ වොෂිංටන් සුන්දර් යන නවකයින් පළමු වරට බීසීසීඅයි කොන්ත්‍රාත් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
නව කොන්ත්‍රාත්තුව අනුව විරාත් කෝලි, රෝහිත් ෂර්මා සහ ජස්ප්‍රිත් බුම්රාට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 7 ක් වේතන ලැබේ. තවත් 11 කට කෝටි 5ක්ද සෙසු අයට කෝටි 3, කෝටි 1 ආදී වශයෙන්ද වාර්ෂික වේතන ලැබේ.
දෝනිගේ දුර්වල ක්‍රීඩා විලාසය නිසා  පසුගිය ලෝක කුසලාන අවසන් පූර්ව වටයේදී ඉන්දියාවට ජයගන්නට බැරිව යාම විවේචනයට ලක්වූ අතර එයින් පසු දෝනි ක්‍රීඩා කිරීමට පැමිණියේද නැත.