ලංකාවේ පිහිටි විදේශීය අධ්‍යාපන පහසුකම් සලසා දෙන ආයතන නියාමනය කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය සහ කැබිනට් සම ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා 11 වනදා සඳහන් කළේය.


එම ආයතන
මගින් මෙරට දරුවන්ට ලබාදෙන පහසුකම් සහ ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය හැකි නොහැකි බැවින් මෙම තීරණය ගත් බව අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී කැඳවා තිබූ තිබූ මාධ්‍ය සාකජාවකදී ඒ මහතා පැවසීය.

එම ආයතනවලට යම් යම් සීමා පනවා ඒවා නියාමනය කිරීමට අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම සඳහා  කැබිනට් මණ්ඩලයෙහි මණ්ඩලයේ අනුමැතිය කඩිනමින් ලබා ගැනීමට කටයුතු කරන බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍ය වරයා පැවසීය.

අසර්බයිජානයේ දී ලංකාවේ ශිෂ්‍යාවන් තිදෙනෙකු  ගින්නකට අසුවී ජීවිත්‍යක්ෂයට පත්වීම වැනි ඛේදවාචකයන්ට දරුවන් අනාගතයේදී ගොදුරු නොවීමට තමා වගබලා ගන්නා බව බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය
(දසුන් රාජපක්ෂ)