මරණීය දණ්ඩනය හිමි වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කරන බලස ඉල්ලා සිටිමින් ඊයේ (12දා) උදෑසන සිට කොළොන්නාව මංසන්ධියේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

මෙහිදී උද්ඝෝෂකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාගෙන් ඉල්ලා සිටියේ අසාධාරණ ලෙස සිරගත කර සිටින දුමින්ද සිල්වා මහතා නිදහස් කර දෙන ලෙසයි.


කොළොන්නාව මංසන්ධියේ උද්ඝෝෂණය කළ මෙම පිරීස අයි. ඩී,වේ, පාර දිගේ ඉදිරියට ගමන් කරමින් උද්ඝෝෂණයේ නිරත වූහ.

පසුගිය යහපාලන රජය මගින් මෙම නඩු තීන්දුව දී ලබාදී ඇත්තේ අසාධාරණ ලෙස බවත්, දේශපාලන උවමනාවන් මත
මෙම සිරගත කිරීම සිදුකර ඇති අතර, දැනට නිකුත් වී ඇති හඩපටවලන් ලැබෙන තොරතුරු අනුව ගරු අධිකරණයට බලපෑම් කර මෙම සිරගත කිරීම සිදුකර ඇති බවත් උද්ඝෝෂකයෝ මෙහිදී පැවසූහ.

කොලොන්නාව - රංජීන් පීරිස්