https://www.gossiplankanews.com/2020/01/angoda-lokka-getta.html
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කැලුම් සංගීත්
මහතාට ලද තොරතුරකට අනුව දැනට ඉන්දියාවේ සැඟව සිට ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට නායකත්වය දෙමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන අංගොඩ ලොක්කාගේ ජාවාරමේ මහ මොළකරු
නොහොත් දකුණු අත වැනි පළමු පෙළ ගෝලයා පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.
පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකායේ සාමාජිකයින් එක්ව අදාළ මෙහෙයුම සිදුකර තිබෙනවා.
ශිරාන් නොහොත් ගැට්ටා යන නමින් හඳුන්වන මෙම පුද්ගලයා පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම යටට පැමිණ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වන බවට ලද තොරතුර මත පොලිස්
වැටලීම් කණ්ඩායමක්
වෙස්වළාගෙන ගොස් එම ස්ථානයේ රැකවල්ලා සිට සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායෑමට උත්සාහ කළ සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු ඇඳ සිටි කලිසමේ වම්පස සාක්කුවේ තිබී අයිස් ග්‍රෑම් 01ක් සහ කලිසමේ දකුණු පස සාක්කුවේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 230ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මිනිස් ඝාතන තුනක් සිදුකළ අයකු වන අතර ඒවාට අදාළ නඩු විභාග වෙමින් පවතින බවත් සැකකරු ඇපමත සිටින අයකු බවත් පොලිසිය පැවැසීය.

ඉකුත් 2008.02.20 වැනිදා වැල්ලම්පිටිය, කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේදී සෝයි නමැති
පුද්ගලයකු කපාකොටා ඝාතනය කිරීම 2009.07.29 වැනිදා වැල්ලම්පිටිය, මාදින්නාගොඩදී සුභාෂ් නමැති
අයෙක් කපාකොටා ඝාතනය කිරීම, 2016.07.29 වැනිදා මෝදර රෙඩ්බානා වත්තේදී සුරේන්ද්‍ර නමැති
පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සහ 2018.05.11 වැනිදා කඩවත පොලිස් වසමේදී ජීව අත්බෝම්බ
2ක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්වීම යන සාපරාධී ක්‍රියාවන් සම්බන්ධව මොහුට එරෙහිව නඩු විභාග
වෙමින් පවතින බව පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.

කුසුම් එස්. හැන්නදි