ශ්‍රී ලංකා මහ බැංකුව පනවන ණය පොලී අනුපාතිකවලට වඩා අඩු ණය පොලී අනුපාතික පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙරට වාණිජ බැංකු අටක ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මහ බැංකුව අවවාද කර ඇත.

මෙරට
බැංකු හා මූල්‍ය පද්ධතිය පිළිබඳ අධීක්‍ෂණය කරන්නා සහ මෙහෙයැවීමේ එක ම බලධාරියා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම අවවාදය කර තිබේ. නිර්දේශිත පොලී අනුපාත නොතකා හැරීම පිළිබඳව මහ බැංකුව කර තිබෙන අවවාදය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ප‍්‍රවෘත්ති පළ කර තිබුණේ, බැංකු තුනක් නම් කරමින් ය. එහෙත්, එම බැංකු සංඛ්‍යාව අටකි. රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව ද, පෞද්ගලික අංශයේ කොමර්ෂල් බැංකුවද ඒ අතර වේ. මහ බැංකුව අවවාද කර තිබෙන ඉතිරි සියලු ක්‍රියාකාරී බැංකු විදේශීය ඒවා වීම විශේෂත්වයකි.

ඉන්දියානු ඕවර්සීස් බැංකුව, සීමාසහිත එන්.ඩී.බී. බැංකුව, අමානා බෑන්ක් පී.එල්.සී. ආදිය ඒ අතර වේ.

අනෙක් බැංකුව වන්නේ, සීමාසහිත ඇක්සීස් බැංකුව ය. එයට තැන්පතු භාර ගැනීම අත්හිටුවන ලෙස දන්වා ඇති අතර, එය වසා දැමීමට නියමිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් තිබෙන බව ද මහ බැංකු නිවේදනයේ දැක්වේ.

ඉන්ද්‍රසිරි ජයසුන්දර
(ලංකා ඉරිදා සංග්‍රහය)