https://www.gossiplankanews.com/2020/01/5-600-ratnapura-infant.html
ත්නපුර කොස්ගල වත්තේ පස්ගොඩක් යට පැය පහක් වළ දමා තිබියදී ජීවිතය බේරාගත් බිළිඳිය දරුකමට හදා ගැනීම සඳහා ඉල්ලීම් 600ක් පමණ ඉදිරිපත්ව ඇති බව රත්නපුර මහ රෝහල පවසයි.

මෙම බිලිඳිය

මේ වන විට රත්නපුර මහ රෝහලේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි. එම බිළිඳිය රෝහල්ගත කළ දින පටන් මේ වන විටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් රත්නපුර මහ රෝහලට දුරකථන ඇමතුම් 600ක් පමණ ලැබී ඇතැයි පැවසේ. අප මේ පිළිබඳව රෝහලෙන් විමසීමක් කළ අතර එහිදී රෝහල් ප්‍රකාශිකාවක පවසා සිටියේ මෙම දැරිය දරුකමට හදා ගැනීමට ඉල්ලා දුරකථන ඇමතුම් ලැබෙමින් පවතින බවය. මෙම ප්‍රශ්නයට රෝහලට මැදිහත් විය නොහැකි බවද මෙය අධිකරණය හා පරිවාස දෙපාර්තමේන්තුව හරහා නීත්‍යානුකූලව විසඳාගත යුතු ප්‍රශ්නයක් බවද ඇය පැවැසුවාය.

රත්නපුර කොස්ගල වත්තේ පදිංචි අවිවාහක තරුණියකට දාව උපන් බිළිඳිය උපන් මොහොතේම නිවස පිටුපස පස්ගොඩක් යට වළදමා තිබියදී අසල්වැසියකුගේ ඇස ගැටීමෙන් බේරුණි. මෙලෙස දැරියගේ ජීවිතය බේරීම ආශ්චර්යයක් වැනි යැයි බොහෝ පිරිස් කියති. එහෙයින් මෙම වාසනාවන්ත දැරිය හදා වඩා ගැනීමට විශාල පිරිසක් මෙලෙස කැමැත්ත පළකොට ඇත.

සුනිල් පියතිලක -කුරුවිට