චීනයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 93දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

චීන ගුවන් සමාගමකට සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමයට අයත්ගුවන් යානා දෙකකින් එම සිසුන් ඊයේ (28) රාත්‍රී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇති අතර මේවන විට චීනයේ සිට පැමිණි මුළු සිසුන් ගණන 380කි .

මේ අතර චීනයේ අධ්‍යාපනය ලබන තවත් ශ්‍රී ලාංකික සිසුන් 110දෙනෙකු අද (29) දිනයේ මෙරටට පැමිණිමට නියමිත බව බීජිං හි වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ යෝගානන්ද මහතා පවසයි.

ඔහු පැවසුවේ මේවන විට එරට අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 380 දෙනෙකු මෙටට පිටත් කරයවා ඇති බවයි.

එමෙන්ම තවත් සිසුන් 484 දෙනෙකු තවදුරටත් චීනයේ රැදීසිටින අතර ඔවුන් ද කඩිනමින් මෙරටට පිටත්කර හැරිමට කටයුතු කරන බව කේ.කේ යෝගානන්ද මහතා සදහන් කළේය.