ඊයේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සේවකයෙකු කොරෝනා රෝගියෙකු යයි සැකකර රෝහල් ගත කළ බවත් ඔහු එම ගොඩනැගිල්ලේ පිහිටි ජංගම දුරකථන සේවා මධ්‍යස්ථානයක සේවකයෙකු බවත්
සමාජ මාධ්‍ය ඔස්සේ ආරංචි පැතිරිණි.
නමුත් පසුව කළ සොයා බැලීමේදී ඔහු අධික ආතතිය නිසා සිහි මුර්ජාවී ඇති බවත් කිසිදු වෙනත් රෝග ලක්ෂණයක් නොමැති අයෙකු බවත් වාර්තාවී තිබේ.
මේ දිනවල පවතින රෝග තත්වයන් ගැන සැකසංකා හා බිය මත මොහුටද කොරෝනා ඇතැයි සැකකර හදිසි ප්‍රතිකාර සඳහා පිටත් කර තිබුණි.