ගුවන් මගීන්ගේ උණ තත්ත්වය මැන බැලීම සඳහා විශේෂ ස්වයංක්‍රීය යන්ත්‍ර තුනක්  ගුවන් තොටුපළහි සවිකර තිබේ.  චීනයේ සහ තවත් රටවල පැතිර යන කොරෝනා වෛරස් උණ වැළඳුණ රෝගීන් මෙරටට පැමිණේද යන්න සොයා බැලීමට එම යන්ත්‍ර සවිකර තිබෙන බව කටුනායක ගුවන් තොටුපළ පාලනාධිකාරිය සඳහන්

කරයි.සැකසහිත ගුවන් මගීන් මෙම ස්යංක්‍රීය යන්ත්‍රය මගින් පරික්ෂාවට ලක්කරන අතර උණ රෝගීන් හමුවුනොත් වහාම අයි.ඩී.එච්. උණරෝහලට යොමු කිරිමට කටයුතු කරන බව ද එම පාලනාධිකාරිය    කියයි.

ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරින්ටද ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් පසුවන්නැයි දැනුම් දී ඇත. චීනයේ බෙයිජිං ග්වැන් ෂෝ සහ චෙංඩු යන ගුවන් තොටුපළහි සිට කොළඹට දිනපතා මඟීහු 1000ක් පමණ පැමිණෙති. මීට අමතරව ජපානය සහ තායිලන්තය වැනි රටවල ද කොරෝනා උණුරෝගය පැතිර යන බව වාර්තාවී තිබේ.

එම රටවල සිට ද දිනපතා මෙරටට ගුවන් මගීහු දහස් ගණනක් පැමිණියති. මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් සෞඛ්‍ය නිලධාරින් හා ගුවන් තොටුපළ නිලධාරින් පිරිසක්  ඉකුත් දිනවල සාකච්ඡා පවත්වා තිබේ.

-ටී.කේ.ජී.කපිල-