මේ වසර සදහා පක්ෂ ලියාපදිංචි කිරීම අද (17දා) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මීට අදාළ අයදුම්පත් කැඳවීම්
පුවත්පත් දැන්වීම අද (17දා) දින 'දිනමිණ', 'තිනකුරල්' හා 'ඩේලිනිවුස්”පුවත්පත්වල පළ කරන බවද කොමිසයිම් අතිරේකෙ මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසිය.

මේ අනුව අලුතින් පක්‍ෂයක් ලියාපදිංචි කරන පිරිස 2009 අංක 58 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනත් 1981 අංක 1 දරන පාර්ලිමිත්තු මැතිවරණ පනතේ 7 (4) (ආ) වගන්තියට අනුව මැතිවරණ කාර්යන් සදහා පිළිගත්  දේශපාලන පක්‍ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට අයදුම්පත් කැඳවන බැවින් ඒ අනුව අයදුම්පත් යොමුකළ යුතු බවද ඒ මහතා පවසා සිටී.

දැනට දේශපාලන පක්ෂ හැත්තෑවක් පමණ පිළිගත් දේශපාලන පක්‍ෂ ලෙස ලියාපදිංචි කර තිබෙන බවත්, අලුතින් ලියාපදිංචි වන පක්ෂ සදහා පක්ෂ සභාපති ලේකම් හා ගිණුම් අංක පිළිබඳ තොරතුරු ලබාදිය යුතුවන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

ඉන්දික හේවාවිතාරණ