විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙනා ශ්‍රී ලාංකික ගුවන්
මගීන් පස්දෙනකු පෙරේදා (18) උදෑසන කටුනායක  ගුවන්තොටුපළ පැමිණිමේ පයතයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින්
පිරිසක් විසින්  අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක,  අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවැසීය. මෙම දුම්වැටි තොගයේ වටිනාකම 1,75,68,000ක් බව ද සඳහන් වේ.

දුම්වැටි තොගය රැගෙන ආ පිරිස කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි
ව්‍යාපාරිකයන් බව ද ජයරත්න මහතා පැවැසීය. ඔවුන් පෙරේදා (18) උදෑසන 8.30ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබිණි. මෙම ගුවන් මගීන් පස්දෙනා විසින් රැගෙන ආ ගමන් මලු 6ක රුපියල් 77,04,000ක් වටිනා දුම්වැටි  128,400ක් අඩංගු දුම්වැටි කාටූන් 642ක් සඟවාගෙන තිබියදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අතරතුර අයිතිකරුවන් නොමැතිවී ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ගමන් පථ ආසනයේ තත් ගමන් මලු 13ක් තිබෙන බවට රේගු නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබූ අතර එම ගමන් මලු තුළ රුපියල් 98,64,000ක් වටිනා දුම්වැටි 164,400ක් අඩංගු දුම්වැටි කාටූන් 822ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

ඒවා මෙම ව්‍යාපාරිකයන් විසින් වෙනත් ගුවන් මගීන් ඉන් වෙත ගුන් තොටුපළෙන් පිට කිරීම සඳහා ලබා දී තිබු දුම්වැටි තොගයක් බවට රේගු අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව මෙම ව්‍යාපාරිකයන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ මුළු දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක්ලකෝටි හැත්තෑ පන්ලක්ෂ හැටඅටදහසකි.  එහි දුම් වැටි 292,800ක් අඩංගු දුම්වැටි කාටූන් 1,464ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

-ටී.කේ.ජී.කපිල-