https://www.gossiplankanews.com/2020/01/170-corona-cases.html
ව කොරෝනා වෛරස් වසංගතයෙන් අද (30) වනවිට චීනය පුරා මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇත. ආසාචිතයින් ගණන ලෝකය පුරා 7817 ක් බවත් ඉන් 7711 ක් චීනයේ බවත් නවතම සංඛ්‍යාලේඛන හෙළි කර තිබේ.වැඩිම බලපෑම චීනයේ
මධ්‍යම හුබෙයි පළාතෙන් වාර්තා වී ඇත.
පින්ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊයේ දිනයේ නවතම රෝගීන් නිසා කොරෝනා ආසාදිතයින් සිටින රටවල් ගොඩට ඇතුළුවිය.අද (30) උදෑසන ටිබෙටයෙන්ද කොරෝනා ආසාදිතයෙකු හමුව තිබේ.
දැනටමත් ආසාදිතයින් හමුව සිටි සිංගප්පූරුවෙන් හා හොංකොං

රාජ්‍යයෙන් තවත් වැඩිපුර රෝගීන් ඊයේ වාර්තා වයි.
මේ අතර කොරෝනා රෝගීන් වෙන්කර තැබීමට ඕස්ට්‍රෙලියානු තස්මේනියාවේ ස්ථානයක් නම් කර තිබුණි. ඕස්ට්‍රේලියාවෙන් මේ වනවිට රෝගීන් 6 ක් වාර්තාවී ඇත.
2022 වසරේ ඔලිම්පික් පරීක්ෂණ ඉසව්ව පවත්වන්නට නියමිතව තිබූ චීනයේ බීජිංහි එම ඉසව්ව කල්දැමූ බව ඊයේ නිවේදනය විය.
වෛරස් ආසාදිතයින් වෙනුවෙන් වෙන් කළ චීන රෝහල් දෙක තවම අවසන් අදියරේ නිමවෙමින් පවතින අතර කොටසක් නිමවා රෝගීන් ඇතුළු කළ හැකි මට්ටමට පත්කර ඇති බව ඊයේ නිවේදනය විය.
හුබෙයි පළාතේ අගනුවර වන වුහාන් නගරය පසුගිය දිනවල අගුළු දමා තිබූ අතර අද (30) දින මුදාහරින බව දන්වා තිබුණි.
මේ අතර වුහාන්හි පාසල් සිසුන්ට දැන් පාසල් යාමේ අවස්තාව අහිමිවී අධ්‍යාපන කටයුතු කඩාකප්පල්වීමට ඉඩ නොදීමේ පියවරක් ලෙස අන්තර්ජාලය හරහා පාථමික හා ද්විතියික පාසල් වල සිය පාඩම් මාලා පවත්වා යන්නට පියවර ගත් බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව දන්වා ඇත.