https://www.gossiplankanews.com/2020/01/150-students-wuhan-sichuan.html
කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩි වශයෙන්ම සිටින බව පැවසෙන චීනයේ වුහාන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනා මෙරටට ගෙන්වීමට දැරූ වෑයම තවම අසාර්ථකවී ඇත.
ජනපති නියමයෙන් ඒ ගැන විධිවිධාන යොදන්නට බලධාරීන් උත්සාහ කළ නමුත් දැනට සියලු කාර්ය නවතා පාළු නගරයක් බවට පත්ව ඇති වුහාන් නගරයේ සිසුන් පිටතට ගෙන ඒමට
සමත්ව ඇත්තේ ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් පමණි.
කෙසේ වෙතත් චීනයේ කොරෝනා වෛරසය

සාපේක්ෂව විශාල ලෙස පැතිරී නැති 50 කට අඩු රෝගීන් වාර්තා කර ඇති සිචුආන්හි ශ්‍රී ලාංකික සිසුන් නව වෛරසය නිසා බියට පත්ව සිටින අතර ඔවුන් ගෙන්වා ගැනීමට පසුව බලධාරීන් තීරණය කර තිබේ.

සිචුආන්හි සරසවි වල අධ්‍යාපනය ලබන 150 ක් පමණ  ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් පරිදි කටයුතු කරන නිලධාරීන් සමත්ව ඇති අතර ඉදිරි පැය 48 තුළ ඔවුන් ලංකාවට පැමිණෙනු ඇත.

මේ සඳහා ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත.
වූහාන් ප්‍රාන්තයට පිවිසීම හා ඉන් පිටවීම චීන බලධාරින් විසින් දැනට තහනම් කර තිබේ.
තහනම ඉවත් කළ
වහාම එහි වෙසෙන සිසුන් ගෙන්වා ගැනීමට සියලු විධිවිධාන සලසා ඇත.
චිනයේ පුරා විසිර සිටින සියලු සිසුන් හා ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු රැස් කරමින් පවතින බව ද විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් අර්යසිංහ මහතා පවසයි.
තානාපති කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලාංකිකයන් අතර සන්නිවේදනය We chat භාවිතයෙන් සිදු කෙරේ.
චීනයේ සිට ශ්‍රි ලංකාවට එන සියලුම දෙනා ගුවන් තොටුපොළේ සිට නිරෝධායන ක්‍රියාවලියට (Quarantine) ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.