කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර පසුගිය 8 වන බදාදා දින ඇතිවූ ගැටුම සම්බන්ධ වැඩිදුර විස්තර මේ වනවිට  කුරුඳුවත්ත පොලිසිය නිකුත් කර තිබේ.
2020.01.08 වන දින කොළඹ විශ්ව විද්‍යාල
පරිශ්‍රයේදී
එම විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිව තිබෙන අතර ගැටුමින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
ඒ ගැන කුරුඳුවත්ත පොලීසියට ලද පැමිණිල්ල මත විමර්ශන ආරම්භ කර මෙම පහරදීම සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු ඊට දින 2 කට පසු 10 වන දින අත්අඩංගුවට ගත් අතර ඔවුන් සෙනසුරාදා 11 වන දින අළුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
පසුව නැවත 13 වන සඳුදා දින දක්වා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.