වැඩියෙන් ජලය පානය කිරීමේ වරදට, ඕස්ට්‍රේලියාවේ වියළි ශුෂ්ක ප්‍රදේශවල නිදැල්ලේ ජිවත් වන ඔටුවන් 10,000 ක් මරා දැමිමට ඕස්ට්‍රේලියානු රජය
ඊයේ (8) තීරණය කළේය. ඒ අනුව, ඔටුවන් මරා දැමීමේ පස් දින වැඩසටහනක් ආරම්භවුණු අතර, ඒ සඳහා හෙලිකොප්ටර් යානා යෙදවිණි. ඔටුන් මරා දැමීමට ඕස්ටේ‍්‍රලියා රජය තීරණය කළේ "කැන්යිප්" ඇබොරිජින්ල්" ප්‍රජාවේ කළ ඉල්ලීමකට අනුය.

ඇබොරිජින්ල් යනු ඕට්‍රේලියාවේ මුල්  පදිංචිකරුවන් හෙවත් එරට ස්වදේශික  වැසියෝය. ඔටුනට ජලය නොමැතිව දින ගණනක් සිටිය හැකි වුවද විශාල ජල ප්‍රමාණයක් එකවර පානය කරති. වියළි කාලගුණයත්, පැතිර යන ළැව් ගිනි තත්ත්වයන් හේතුවෙන් කැන්යිප් ඇබොරිජින්ල් වැසියන් ජිවත්වන පළාතේ ජලාශ සහ පොතුණුවල ජලය තවත් අඩු වී ඇත. වනසතුන් බොහෝ දෙනකු මේ වනවිට ජලය නොමැතිව මියගොස් ඇතැයිද පැවැසේ.

මධ්‍යම සහ බටහිර ඕස්ටේ‍්‍රලියාවේත්, උතුරු පළාත්වලත්, දකුණු ඕස්ට්‍රෙලියාවේත්, ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේත් ශුෂ්ක කාන්තාරබද ප්‍රදේශවලත් ඔටුවෝ නිදැලේ වාසය කරති. මේ අතර, ලැව් ගිනිවලට කොටුවිමේන් මියගොස් ඇතැයි පැවැසෙන ඕස්ට්‍රේලියාවට පමණක් ආවේණික සතුන් ගණන මිලියන 480 ක් බවද ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය වාර්තා සඳහන් කර  ඇත.