එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්ව මණ්ඩලයක් පත්කර එහි සභාපතිට ධුරය කරු ජයසුරිය මහතාට පිරිනැමිමට යෝජනා කර ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨ
මන්ත්‍රීවරයෙක් පැවැසීය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානයේ පැවැති පක්ෂ ජ්‍යෙෂ්ඨයගේ හමුවේදී මෙම යෝජනාව ඉදිරිපත්වී ඇත.

ඉදිරි මහ මැතිවරණයේදි පැවැති මෙහෙයවිමේ මූලික වගකීම කරු ජයසූරිය මහතා වෙත
පැවරීමටද නියමිතව ඇත.  පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් විසින් ගත් මේ තීරණය එක්සත් ජාතික පක්ෂය කෘත්‍යධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගැනීමෙන් පසු ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිතය.

 පක්ෂයේ සියලු පාර්ශ්ව ඒකරාශී කර ගනිමින් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය සඳහා මෙහෙයවිය හැක්කේ කරු ජයසූරිය මහතා වැනි පරිනත නායකත්වයකට බව එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වූ බවත් මහා සංඝරත්නය සහ සමීපව කටයුතු කරමින් සිංහල බෞද්ධ පදනම සහිතව ක්‍රියාත්මක විය හැකි හොදම චරිතය කරු ජයසූරිය මහතා බවත් එක්සත් ජාතික පක්ෂය ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා කීය.


-අංජුල මහීක වීරරත්න-