https://www.gossiplankanews.com/2019/12/switzerland-embassy-sri-lanka-incident.html
සුගිය සතියේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිකුත් කරන නිලධාරිනිය නාඳුනන පිරිසක් පැහැරගෙන ගොස් බියගන්වා ප්‍රශ්න කර මුදාහැරීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන වශයෙන් හා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පළවන තොරතුරුවල පරස්පරතා මතුව තිබේ.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ
සිද්ධියට අදාළව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ලබාදුන් දත්ත හා එම වින්දිතයාගේ එදින ක්‍රියා කලාපය  කිසිසේත් සමාන නොවන බවයි.
මෙයට අදාළ සාක්ෂිකරුවන්ගේ සම්මුඛ සාකච්ඡා සහ උබර්, සීසීටීවී හා දුරකථන මෙන්ම ජීපීඑස් වැනි තාක්ෂණික සාක්ෂි අනුව මෙවන් පැහැරගැනීමක් සිදුව නැති බව ඔවුන් දන්වයි.
සිද්ධියට මුහුණ දුන් නිලදාරිනිය සමග සාකච්ඡා කළ යුතු බවද  තුවාල ලබා ඇති බව පවසා තිබෙන බැවින්, ඇය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත යොමු කිරීමට අවශ්‍ය බවද මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.

මීට ඉහත අගමැති මහින්ද රාජපක්ෂ හා ඇමති විමල් වීරවංශ මාධ්‍ය ඉදිරියේ පවසා තිබුනේ නිලධාරිනිය පැහැරගැනීම ගැන පොලිස් පැමිනිල්ලක්වත් ලැබී නැති බවත් රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය පදනම් කරගෙන පරික්ෂණ ඇරඹූ බවයි. ඇමති විමල් වැඩිදුර කියා තිබුනේ මෙය රාජිතගේ ‘සුදුවෑන් කිඹුල් සාකච්ඡාව‘ වැනි නාටකයක් බවයි.
කෙසේ වෙතත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය 29 දා තමින් නිල නිවේදනයක් නිකුත් කරමින් මෙම සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි නොකළැයි කියන කතාව ප්‍රතික්ෂේප කර ඇත. සිද්ධිය වාර්තාවූ සැණින් ඒ ගැන පොලිසියට පැමිණිලි කළ බවත් ඒ අනුව සාක්ෂි සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ නිලධාරී කණ්ඩායමක් පැමිණි බවත් එහි දක්වා ඇත. පැතිරෙන අසත්‍ය කතා විශ්වාස නොකරන ලෙසත් එම නිවේදනයේ දැක්වේ. නීහාන්ත සිල්වා මහතා ස්විට්සර්ලන්තයෙන් පිටුවහල් කරන ලෙස රජය ඉල්ලීමක් කර නැති බවද එහි දැක්වේ. එසේම තානාපති නිලධාරිනිය සිද්ධියෙන් පසු සෞඛ්‍ය තත්වය නරක අතට හැරී ඇති බැවින් ඇය විසින් සාක්ෂි ලබාදීම පමාවී තිබෙන බවද එහි දක්වා ඇත.
නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ නිලධාරියා කිසිවෙකුට නොදන්වා හදිසියේ පවුලත් සමග රටින් පිටවී ස්විට්සර්ලන්තයට පළායාමෙන් පසු එසේ පිටව යාමට වීසා ලබාදුන්නැයි යන අදහසින් මෙම වීසා නිලධාරිනිය රාජකාරී මට්ටමින් බැහැරව නිවසට යද්දී පැහැරගෙන තිබූ අතර ඇයගෙන් ප්‍රශ්න කර දුරකථන දත්ත බලහත්කාරයෙන් පැහැරගෙන පැය 3 කට පමණ පසු මුදා හැර තිබුණි.

 එසේ පැහැරගත් අය කියා තිබුනේ තමන් අපරාධ පරීක්ෂණ නිලධාරින් බවකි. නමුත් සිද්ධියෙන් දින 2 කට පසු පොලිසිය මාධය නිවේදනයක් නිකුත් කරමින් මෙම පිරිස පොලිසියේ අය නොවන බවත් කිසියම් පිරිසක් පොලිසිය ලෙස ව්‍යාජ රංගනයක නිරතව ඇති බවත් නිවේදනය කර තිබුණි. මෙම සිද්ධියෙන් පසු මේ දක්වා පොලිස් මාධය හමු කිසිවක් පවත්වා නැති අතර පොලිස් මාධ්‍ය ඒකකයේ ක්‍රියාකාරීත්වයද ඇණහිට තිබේ. සීසීටීවී දත්ත අනුව පැහැරගැනීමක් නැති බව දන්වා සිටින්නේ පොලිසිය නොව විදේශ අමාත්‍යංශයයි