අත්අඩංගුවට ගෙන සිටින සිය සේවිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතියට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව කටයුතු කරන්නැයි ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකාවට දැනුම් දෙනවා.

අදාළ විමර්ශන නියමිත ආකාරයෙන් සිදුවිය යුතුය යන්න සිය
ස්ථාවරය බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කලේ.

ජනාධිපතිවරයා මුණගැසුණු අවස්ථාවේදී කොළඹ සිටින ස්විස් තානාපතිවරයාද එය අවධාරණය කර ඇතැයි ස්විට්සර්ලන්ත රජය නිකුත් කල නිවේදනයේ දැක්වෙනවා.

අත්අඩංගුවේ සිටින කාලය තුල සිය සේවිකාවගේ ආරක්ෂාව තහවුරු කරන්නැයිද එමගින් ඉල්ලීමක් කර තිබෙනවා.

නීතියේ ආධිපත්‍යය සුරකින රටක් ලෙස ශ්‍රී ලංකාව තබා සිටින කීර්ති නාමය එලෙසින්ම ආරක්ෂා කර ගනු ඇති බවයි ස්විට්සර්ලන්ත රජය අවධාරණය කරන්නේ.