රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු, ගානියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් වැලිකඩ කාන්තා බන්ධනාගාරය වෙත ඊයේ
(16) රාත්‍රී රැගෙන ගිය බව බන්ධනාගාර

දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

 නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ කළ දැනුම් දීම මත ආණ්ඩුව අපකීර්තියට ලක්වන පරිදි රජයට එරෙහිව අසත්‍ය ප‍්‍රකාශ සිදු කිරීම හා අධිකරණයකදී පසු අවස්ථාවක යොදාගත හැකි වන පරිදි අසත්‍ය සාක්‍ෂි ලබාදීම යන හේතු මත ඇයව අත්අඩංගුවට පත්විය.
ඇය අත්අඩංගුවට ගත්තේ ඊයේ පස්වරුවේයි. පසුව ඇය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඇය ලබන 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නට නියම විය.
කාන්තා රැදවූවන් 50කට වැඩි පිරිසක් රඳවා සිටින Y වාට්ටුවේ මේ වනවිට ඇය රඳවා සිටියි.