උදුවප් පොහොය යෙදෙන දෙසැම්බර්  (11) වන  දින සිට  ආරම්භවන  2019/2020   ශ්‍රී පාද වන්දනා වාරය ට සමගාමිව නල්ලතන්නිය දෙසින් කරුණා කරන වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සැළසීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ, සමස්ථයක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය පුරාවට මෙම දිනවල පවතින අයහපත් කාලගුණය හෙතුවෙන් ශ්‍රී පාද වන්දනාවේ එන බැතිමතුන් ඒ පිළිබඳවත් අවධානය යොමුකිරීම වැදගත් බවත්, විශේෂයෙන් වන්දනා කරුවන් ගංඟා හා දිය පහරවල් භාවිතා කිරීමේදි වඩාත් සැළකිලිමත් වන ලෙසය.

 මෙවර ශ්‍රී පාද වන්දනා වාරයේදි ශ්‍රී පාද වන්දනාකරුන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට අවශ්‍ය  පොදු පහසුකම් සැළසීමට අදාල කටයුතු අවශ්‍ය ආයතන සමග සම්බන්ධවෙමින් සිදුකරණ බවත්, වන්දනාකරුවන් විසින් ශ්‍රීපාද රක්ෂිතය ඇතුලු පරිසරයට මුදා හරින ප්ලාස්ටික් අපද්‍රව්‍ය නල්තන්නිය ශ්‍රී පාද මාර්ගයේ ස්ථාන කිහිපයකම එක් රැස් කර ඒවා ප්‍රතිචක්‍රීයකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට සැළසුම් කරමින් පවතින බවත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

ශ්‍රී පාදස්ථානායේ ගෞරවය ආරක්ෂාකරමින්, මෙම පුණ්‍ය භුමිය සහිත අති සංවේදී පරිසර කලාපය මතු පරපුර සඳහා ආරක්ෂා කිරීමට වන්දනාකරුවන්ගෙන් ලැබෙන සහයෝගය වැදගත් බවද  දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පැවසිය.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)