අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හා විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් ඊයේ (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදු විය. මෙහිදී වෛද්‍ය ක්‍ෂේත්‍රය වර්තමාන තත්වය හා මහජනතාවට ගුණාත්මක සේවයක්
ලබාදීමට අවශ්‍ය ඉදිරි වැඩකටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස අග්‍රාමාත්‍යතුමා විශේෂඥ වෛද්‍යවරුන් හට උපදෙස් ලබාදුනි.

විශේෂඥ වෛද්‍යවරුන්ට පවතින වෘත්තීය ගැටලු සඳහා දීර්ඝකාලීන හා කෙටි කාලීන විසදුම් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් එක්වූහ.