https://www.gossiplankanews.com/2019/12/rosy-budget-speech-2020.html
කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සිය නගර සභාවේ වාර්ෂික අයවැය ඉදිරිපත්කිරීමේ අවස්ථාව මෙවර ගණිත පැහැදිලි කිරීම සහිතව සිදු කර තිබේ.
මීට පෙර 2018 වසරේ ඇය අයවැය සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරද්දී
අසා නොපුරුදු අමුතු ඉලක්කම් කියවූ බවට සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක්වූ අතර ඇයගේ නොදන්නාකම ගැන විවේචනද පළවිය. නමුත් ඇය මෙවර අයවැය ඉදිරිපත් කරමින් කියා සිටියේ තමන් පසුගිය වසරේ හාස්‍යයට ලක් කළ අය එය කළේ වැරදි ලෙස බවයි. තම පසුගිය වසරේ මෙන්ම මෙවරද සංඛ්‍යාලේඛන

කියවන්නේ 6 ශ්‍රේණිය ගණිතය පෙළපොතේ 15 වන පිටුවේ සදහන් කර ඇති නිවැරදි ක්‍රමය අනුගමනය කරමින් බවයි.
ඒ අනුව මෙවර ඇය අයවැය ඉදිරිපත් කිරීමේදී වඩාත් නිවැරදි බව ඇගවීමට එකම සංඛ්‍යාව ආකාර 3කින් කියා සිටියාය. ඇය මෙවර අයවැය ඉදිරිපත් කළ ආකාරය පහත පරිදිය.
ඇය කියූ ආකාරයට 6 ශ්‍රේණිය ගණිතය පෙළපොතේඉලක්කම් කියවන හැටි දැක්වෙන සටහන ඊට පහතින්