රිදීමාලියද්ද පොලිස් වසමට අයත් කන්දේගම ගම්මානයේ වයස අවුරුදු හතක දරුවෙකු පෙරේදා (16) සවස ළිඳකට වැටී ජීවිතයට පත්ව ඇතැයි රිදීමාලියද්ද පොලීසිය පවසයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට
පත්ව ඇත්තේ රිදීමාලියද්ද කන්දේගම, ගැටවෙලහෙල පදිංචි ෂෙහාන් චානක කුමාර නමැති වයස අවුරුදු හතක දරුවෙකි.

නෑමට පැමිණෙන බව පවසා නිවස අසල පිහිටි ඇළක් වෙත මෙම දරුවා පැමිණ ඇති අතර පසුව ඔහුගේ මව ජලය රැගෙන යාම සඳහා ඒ අසල වූ ළිඳ වෙත පැමිණදී ජලයේ පාවෙමින් සිටි දරුවා දැක ගන්නට ලැබී ඇත.

දරුවා වහාම බිබිල රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු ඒ වනවිටත් ජීවිතක්ෂියට පත්ව සිටි බව මූලික පොලිස් පරික්‍ෂණවලදී අනාවරණය වි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (17) පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රොෂාන් එස් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

(වියලුව වාර්තාකරු)