දිරියේ පවත්වන්නට නියමිත මහමැතිවරණයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීධූරයක් වෙනුවෙන් තරග නොකරනු ඇති බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
මෙම කරුණ අනාවරණය වූයේ
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයකිනි.
නැවතත් මැතිවරණයකට ඉදිරිපත්

නොවන බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පැවැසූ බව පාර්ලිමේන්තු ඔහු පවසා තිබේ.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසීම වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“අපි එක මැතිවරණයක් කළා සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකයා ලෙස ඉදිරියෙන් තබාගෙන. අපට මැතිවරණයෙන් මැතිවරණයකට එක එක ගමන් යන්න බෑ. අපි එක මතයකට ඇවිත් වැඩ කළා.

ඒ තීරණය අරගෙන ඉදිරියට යා යුතුයි. මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් කථා කළා. දවස් දෙකක් එතුමා හම්බවුණා. ඒ අවස්ථා දෙකේදීම එතුමා කිව්වා එතුමා නැවත ඡන්දේ ඉල්ලනේ නෑ කියලා.

එතුමාගේ මානසිකත්වය එහෙමනම් මම හිතනවා එතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාට නායකත්වය භාරදිය යුතුයි කියලා. මම හිතනවා ඒක තමයි කාලෝචිත කියලා.”