https://www.gossiplankanews.com/2019/12/mrs-world-2020-caroline-jurie-of-sri-lanka.html#more
ලෝක විවාහක රූ රැජින 2020 කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලයින් ජූරි අද දින (07) සමත්ව තිබේ. ඇමෙරිකාවේ නෙවාඩාහි ලාස්වේගාස් නුවර අද පැවැති අවසන් මහා තරගයේදී තරගකාරියන් 51 ක් අතුරින් ශ්‍රී ලංකාවට අභිමානය ගෙන එමින් ඇය මේ ජයග්‍රහණය
අත්කරගන්නා ලදි
විවිධ නම් වලින් විවාහක රූ රැජිණ තරග

ජාත්‍යන්තර මට්ටමින් පවත්වන ලබන නමුත් මෙය එම අංශයේ ප්‍රධාන තරගයයි.
 ඇය මුල්තැන ගනිද්දී දෙවැනි තුන්වන ස්ථාන හිමිවූයේ අයර්ලන්ත හා වර්ජින් දූපත් තරගකාරියන්ටය.

මීට පෙර මෙම තරගාවලියේ ආරම්භක වසර එනම් 1984 දී මෙම කිරුළ දිනාගනු ලැබූයේ ශ්‍රී ලංකාවේ රෝසී සේනානායක මහත්මියයි.
මේ ආකාරයට මෙම තරගාවලී ඉතිහාසයේ එක්වරකට වඩා කිරුළ දිනා ඇති රටවල් ඇත්තේ 4 කි ඒ ඇමරිකාව 6 ක්, පේරු 2 ක් රුසියාව 2 ක් හා ශ්‍රී ලංකාව 2 ක් වශයෙනි.

මෙම තරගාවලියට ලෝකයේ සියලුම රටවල් එක්වන්නේ නැති නමුත් මෙවර එහි කලකට පසු වැඩිම තරගකාරියන් ගණන වූ 51 ක් සහභාගීවී තිබුණි.

එක්දරු මවක වන කැරොලින් ජූරි වෘත්තීය නිරූපිකාවකි. ඇය මෙම තරගාවලියට යොමු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ පැවති විවාහ රූ රැජිණ ජයග්‍රහණය කිරීමෙන් පසුය. එහි ලංකාවේ නියෝජිත ලෙස කටයුතු කළේ ප්‍රකට රූපලාවන්‍ය ශීල්පී චන්දිමාල් ජයසිංහයි.


ජයග්‍රාහී කැරොලින්ගේ ඡායාරූප එකතුවක් මෙතැනින්
https://gallery.gossiplankanews.com/event/mrs-world-2020-caroline-jurie-of-sri-lanka.html