ඊයේ 5 රජය නිකුත් කළ එක් ගැසට් නිවේදනයකින් කුළු බඩු ගණනාවක් ආනයනය නතර කළ බවට නියෝග
පනවා තිබෙන අතර
දෙවැනි ගැසට් නිවේදනයෙන් දන්වා ඇත්තේ දේශිය වශයෙන් ගුනාත්මකව ඉහළ හා තරගකාරී ගෘහ කර්මාන්තයක් වන වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු මින් පසු පිටරටින් ආනයනය තහනම් බවයි.
පසුගිය කාලයේ චීනයේ නිෂ්පාදිත වෙසක් කූඩු සරුංගල් හා ඉන්දියානු හදුන්කූරු නිසා දේශීය වෙළෙඳ හිමියන්ට අභියෝග පැවතිණි. එසේම ඒවා විදේශ වලින් ගෙන්විය යුතුම දේ නොවන බවට කථිකාවක්ද නිර්මාණය වී පැවතිණි.