ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාතහ ජෝන් සෙනෙවිරන්න මහතා 28දා පෙරවරුවේ කොළඹ පිහිටි අමාත්‍යාංශ පරීශ්‍රයේදී සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
" ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය මා හට ලබාදීම පිළිබද මම ජනාධිපති ගෝෂ්ඨාභය රාජපක්ෂ මැතිතුමන්ටත්, අග්‍රාමාතය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ටත් ස්තුතිවන්ත වෙනවා. පසුගිය කාලය තුළ අපේ

රටේ ආර්ථිකය විශාල ලෙස ඇදවැටුණා. සංවර්ධන මට්ටම පහළ වැටුණා. ආර්ථික සංවර්ධන වේගය ශක්තිමත් කිරීමට මූලිකව කටයුතු කළ යුතුයි. අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම වන සුවිශාල කාර්යභාරයක් මේ අමාතශයට පැවරී තිබෙනවා.

විශේෂයෙන් මේ රටේ ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවන්නට ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවන්නට කටයුතු කළ යුතුව තිබෙනවා. අපි දන්නවා ගම් ආර්ථිකය කඩාවැටිලා. ග්‍රාමීය නිෂ්පාදකයන්ට වෙළඳපොළක් නැතිවෙලා, ගොවියන් ගොවිතැනින් ඈත් වෙලා. ගොවියන් අද අදායම් නොලබන තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ. විදේශීය නිෂ්පාදන ලංකාවට ගෙනල්ලා ලංකාවේ නිෂ්පාදන ලෙස විකිණීමට කටයුතු කිරීමේ පාපකර්මයේ ප්‍රතිපලයක් වශයෙන් අද රටේ ජනතාව ආර්ථික වශයෙන් අසහනයකට පත්ව තිබෙනවා.

ඒ නිසා  ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවන්නට මුලික පියවර ගත යුතුව තිබෙනවා. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය, ගොවීන් සඳහා අවශ්‍ය උපකරණ, පහසුකම් මෙනිම තාක්ෂණික දැනුම ලබාදීම මගින් ගොවිතැන දියුණු කරන්න, ග්‍රාමිය නිෂ්පාදන දියුණු කරන්න ග්‍රාමීය  කර්මාන්ත දියුණු කරන්න අපි කටයුතු කළ යුතුයි.

ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කරන

මෙම අමාත්‍යාශය හරහා හැකියාව තිබෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඉතා ඉහළ මට්ටමකින් තාවගේ සේවාවන් ඉටු කරන්න. ගෝෂ්ඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ විශිෂ්ට ප්‍රතිපත්තිය මේ රටේ ගැමි ජනතාව දියුණු කරන්න.

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්නෙ ඒ සදහා අරගෙන ඇති ඒ වැඩපිළිවෙළ සඳහා උපරිම මට්ටමකින් දායක වීමට තමන් බලාපොරොත්තු වන බවද ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය. අමාත්‍ය ජෝන් සෙනවිරත්න පැවසීය.

බැඳුම්කර වංචාවේ පක්ෂ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
"බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ක්‍රියාපටිපාටියක් අපි යෙදුවා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන අය තාමත් නිදැල්ලේ සිටින්නේ. ඒ නිසා ඒ අය සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා."

නවක රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සමග කඩිනම් වැඩපිළිවෙළකට යාම පිළිබඳ නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාතයවරයා සඳහන් කළේ නවක රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පත් කළද අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ පරිණත ඇමතිවරු පිරිසක් බවත්, ඔවුන්ගේ මග පෙන්වීම ඒ අයට ලැබෙන බවත්ය.