කොළඹ ජාතික රෝහලේ 27 කාමරය පැවති වර්ෂාව හේතුවෙන් ජලයෙන් පිරී ඇති අයුරුයි මේ. දියවැඩියා

රෝගයෙන් පෙළෙන
රෝගීන් ඇතුළු රෝගීන් විශාල පිරිසක් අද (04) සවස 3ට පමණ මෙම අපහසුතාවයට
මුහුණ දුන්හ.
අපිරිසිදු ජලය හේතුවෙන් පාදවල තුවාල ඇති රෝගීන් ආසාදනයන්ට ලක්වීමේ අවධානමක්ද ඇති බව
බලධාරීන්ට පෙන්වා දෙනු කැමැත්තෙමු.

රෝගීන්ට අංකය කතාකරන තෙක් ඉඳගෙන සිටීමට ඇති අසුන්ද වර්ෂාව හේතුවෙන් තෙමී ඇති අයුරු දක්නට ලැබිණි.