සියලුම රාජ්‍ය ආයතනවල පවතින වාහන සංගණනයක් සිදුකර, අමාත්‍යවරුන් සඳහා අඩු වාහන සංඛ්‍යාවක් ලබාදීමට ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වාහන තුන බැගින් පාවිච්චි කිරීමට තීරණය කර තිබෙනවා. එම නිසා කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ඊට වඩා අඩු
වාහන සංඛ්‍යාවක් ලබාදීමට නියමිතය. ඒ සඳහා වාහන සංගණනයක් කර අමාත්‍යවරුන්ට ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් වාහන ලබාදීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය නිලධාරීන් දැනට භාවිත කරන වාහනද සංගණනයට ඇතුළත් කෙරේ. සංගණන වාර්තාව ලැබීමෙන් පසු රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය වාහන මුදල් අමාත්‍යාංශය මගින් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

වසර දෙකක් යන තුරු රාජ්‍ය ආයතනවල වාහන මිලදී නොගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙනවා.

කිසියම් අමාත්‍යාංශයක් රජය සතු ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇත්නම් රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ටද එම ගොඩනැගිල්ල තුළම රාජකාරි කිරීමේ පහසුකම් සලසා දිය යුතු වනවා. නව ගොඩනැගිලි කුලියට ගැනීම තහනම් වන අතර අමාත්‍ය කාර්යාල සඳහා නව ගෘහ භාණ්ඩ මිලදී ගැනීමටද මුදල් වෙන් නොකිරීමට තීරණය කර තිබෙනවා.