https://www.gossiplankanews.com/2019/12/ganiya-arrested.html
පැහැර ගෙන ගොස් තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික වීසා නිලධාරිනි ගානියා ෆ්‍රැන්සිස් මහත්මිය අද (16) සවස පොලිස් අත්අඩංගුවට පත් විය.
ඇය අසත්‍ය සාක්ෂි ලබාදීම යටතේ වැඩිදුර
විමර්ශන සඳහා අත්අඩංගුවට ගන්නා ලෙස

නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබා දීම නිසා එසේ අත්අඩංගුවට පත් විය.
 ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බව
ජනාධිපති අතිරේක ලේකම් හා නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළාය.

මින් ඉහත අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් වලට ඇයව ලක්කළ අතර එහිදී ඇය පැවසූ දෑ මාධ්‍ය තුළින් හෙලිදරව් කෙරුනේ නැත.
අත්අඩංගුවට පත් ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.