https://www.gossiplankanews.com/2019/12/chithral-somapala-incident.html
සුගිය සෙනසුරාදා (14) BMICH සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ සම්පත් බැංකු සේවකයින්ගේ සහභාගීත්වය ඇතිව පැවති සංගීත ප්‍රසංගයකදී ප්‍රකට ගායන ශිල්පී චිත්‍රාල් සෝමපාල මුහුණදුන් අකරතැබ්බයක් ගැන මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විවිධ කතා පැනනැගී ඇත.
ඔහු සිය ගීත ගායනා කරන අවස්ථාවේ ජනපති ගෝඨාභයට අපහාස ඇති වන ආකාරයට
ප්‍රසිද්ධියේ 'ගෝඨාභය මොකෙක්ද' කීයු බවත්
අනතුරුව උත්සවයේ සිටි පිරිසක් වේදිකාවට පැමිණ ඔහුට පහරදී එළවාදැමූ බවත් එම අවස්ථාවේ ඔහු ඇදගෙන යද්දී පිරිස ඔල්වරසන් හඩ නැගූ බවත් මෙම සිද්ධිය ගැන වඩාත් ප්‍රචලිතවූ මතයයි.
කෙසේ වෙතත් සිදුවීමෙන් අනතුරුව

සමාජ මාධ්‍ය තුළ කතා පැතිරයාමෙන් පසු චිත්‍රාල් සෝමපාල සිය මිතුරන් සමග සිදුවූ සිදුවීම ගැන පැතිරෙන ආරංචිය වැරදි බවට දන්වා ඇත.

මෙම කලහය ඇ.තිවූයේ වේදිකාවේ ගීගැයූ චිත්‍රාල්ට එහි නිවේදකයා අගිල්ලකින් අසභ්‍ය දෙයක් පෙන්වමින් කළ හැසිරීමකින් පසු චිත්‍රාල් ඊට ප්‍රතිචාර දක්වන්නට යාමේදී බව චිත්‍රාල්ගේ මිතුරෙකු ඔහු ඉදිරියේ තබාගෙන විස්තර කර තිබේ. ඔහු ඉදුරා පවසන්නේ මෙම කතාබහ දේශපාලනයෙන් තොර බවයි.

ප්‍රවීණ ගායක ගායිකා දෙපලක් වන සෝමපාල හා චිත්‍රා යන අයගේ පුතණුවන් වන චිත්‍රාල් සෝමපාල මාපිය අඩිපාරේ යමින් අමුතු ශෛලියකින් ගීත ගායනා කරන ගායකයෙකි. ඔහු සම්බන්ධ විවිධ සිදුවීම් මින් ඉහතත් වාර්තා විය. 2018 දී රටේ නැති සතෙක් ජාතික කොඩියේ දමාගෙන සිටිනවායයි සිංහලයින්ට බැණ වැදීම ගැනද ඔහුට විවේචන එල්ල විය.

දෙසැම්බර් 14 රාත්‍රී සංවිධානය කර තිබූ ප්‍රසංගයකට සහභාගි වූ චිත්‍රාල් සෝමපාල විසින් ජනාධිපතිවරයාට අපහස කරමින් හැසුරුන හෙයින් ඔහුව පන්නා දැමු වාර්තා මුළුමනින්ම අසත්‍ය බව එම ප්‍රසංගය සංවිධානය කළ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මේ වනවිට වාර්තා කර තිබේ.

'' චිත්‍රාල්ට මේ ප්‍රසංගයට ආරාධනා කලේ අපි. මේ ප්‍රසංගයට දාහකට වැඩි පිරිසක් සහභාගිවෙලා හිටියා. ඒ අතරේ අපේ කෙනෙක් සමග චිත්‍රාල් බහින්බස්වීමක් වුනා. චිත්‍රාලුත් ඒ අවස්ථාවේදී තරමක් ආවේගී විදියට හැසිරුනා.  ඒ වෙලාවේ එතන හිටපු සමහරු හූ කිව්වා. එනිසා අනවශ්‍ය ගැටුමක් ඇතිවීම වලක්වා ගන්න අපි එයාට කිවා ටිකක් පැත්තකට ගිහින් 'රිලැක්ස්' වෙන්න කියලා. ජනාධිපතිතුමාට අපහස කරන කතා කිවා කියන කතා පට්ටපල් බොරු. එහෙම කිසිම කතාවක් ඇතිවුනේ නැහැ.''

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව ආරම්භ වන්නේ ඔහුට පහරදෙන හා බණින තැන සිට වන අතර ඔහු අපහාස කියුමක් කියූ විඩියෝවක් සොයාගන්නට නැත.