රුණයෙකු ආබාධ තත්වයට පත්වන ආකාරයේ රිය අනතුරක් සිදුවීමෙන් පසු පළායාම හා වෙනත් අයෙකු ඉදිරිපත් කර කරුණු වසන් කිරීමට තැත්කිරීමේ චෝදනාව ලද හිටපු ඇමති පාඨලී චම්පික රණවක අත්අඩංගුවට පත්වීමෙන් පසු දින 5 කට රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට ඊයේ නියම විය.
කෙසේ වෙතත් හිටපු ඇමති චම්පිකගේ නීතීඥයින් ඇප ඉල්ලා සිටි නමුත්
ඇප නොලැබුණ අතර රෝහල්ගතවීමට ඉල්ලීමක් නොකිරීම විශේෂිතය. ඒ අනුව හිටපු ඇමතිවරයාට සිර කුටියකට යාමට සිදු විය.
අනතුරුව හිටපු ඇමතිවරයාව ඊයේ 19 දහල් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබීය.

එහිදී දැඩි ආරක්ෂාවක් යටතේ 'එම්' සිර වාට්ටුවට ඔහුව ඇතුළත් කළ බව බන්ධනාගාර ආරංචි වාර්තා කර තිබේ.
එම සිර වාට්ටුවේ චම්පික සිටින්නේ තනිව දමා තිබෙන සිර කුටියක බවත් විශේෂ ආරක්ෂාව යොදවා ඇති බවත් එක් ජේලර්වරයෙකු සිර කුටිය භාරයේ සිටින බවත් බන්ධනාගාර ආරංචි වාර්තා කර තිබේ.
මේ අතර සිරගතවීමෙන් පසු ඔහුට නිදාගැනීමට ලැබී ඇත්තේ පැදුරකි. ඒ වෙනුවට මෙට්ටයක් ලබාගත හැකිදැයි චම්පික විමසා ඇති අතර බන්ධනාගාර වෛද්‍යවරයාගේ අනුමැතිය ඊට ලැබී ඇත. කෝප්පයක් පිගානක් හා ඇද ඇතිරිල්ලක් පිටතින් ගෙන ඒමට අවසර දී ඇත.
මෙම සිර මැදිරිය සවස 5 ට සිරකරුව අගුළුදමා වසන බවත් නැවත පසුදින අලුයම 6 ට විවෘත කරන බවත් වාර්තා විය. සැකකරුට උදේ හා සවස පැයක් බැගින් පිටතට පැමිණීමට අවකාශ ලබාදෙන්නේ ව්‍යායාම හා වාතාශ්‍රය පිණිසය.
චමිපික රදවා සිටින එම් සිරමැදිරිය වැලිකඩ විශේෂ ආරක්ෂක ප්‍රදේශයේ පිහිටුවා ඇති බවත් ඊට යාබද එම්1 හා එම්2 කාන්ඩවල සිටින්නේ මත්කුඩු ජාවාරම්කරුවන් බවත් වාර්තාවේ.
ඊයේ සවස පාඨලී හිටපු ඇමතිවරයා බලන්නට එජාපයේ හෙක්ටර් අප්පුහාමි හා කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරුන් බන්ධනාගාරය තුළට ගොස් තිබුණි. මේ අතර කතානායක කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයාට නොදන්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම පටිපාටිය උල්ලංඝනය කිරීමක් බවත් පෙන්වාදී ඇත.