වෙස්මුහුණු පැළඳ තියුණු ආයුධ ඇතැතිව බණ්ඩාරගම රණවිරු මාවතේ දේවාලයක් පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු දේවාලය පවත්වාගෙන යන කාන්තාවට හා ඇයගේ මවට අතින් පයින් හා තියුණු ආයුධවලින් පහර දී දරු දෙදෙනා ද සමඟ ඔවුන් නිවාස තුළ රුඳවාගෙන සිටිය දී
පොලිසස් නිලධාරින් නිවස වටලද්දි ඔවුන් පලාගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. පහර කෑමට ලක් වූ කාන්තාවන් බරපතළ තුවාල සහිතව රෝහල් ගත කළ බව පොලිසිය කියයි. එම නිවස තුළ තිබී පලාගිය පුද්ගලයන් රැගෙන ආ බව කියන උල්පීහි දෙකක් හා නිවස ආසන්නයේ නවතා තිබූ ව්‍යාජ අංක යෙදු යතුරු පැදියක් ද පොලිසිය බාරයට ගෙන ඇත.

තාප්පයකින් වට කර දේවාලයක් පවත්වාගෙන යන නිවසක් ආසනයේ හිමිකරුවෙකු නොමැති යතුරුපැදියක් තිබෙන බවට ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලධාරියෙකුට එහි එකිනෙකට වෙනස්

ව්‍යාජ අංකයක් තිබූ බවට තහවුරු වී ඇතැයි පොලිසිය කියයි. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ. ඩබ්ලිව්.එල්. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අදාළ යතුරුපැදිය පොලිස් ස්ථානය වන රැගෙන ඒමේන් පසු පැයක් පමණ ගත වෙද්දී පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 119 දුරකතන අංකය හරහා ලද පණිවිඩයකින් කියවි ඇත්තේ තියුණු ආයුධ වලින් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු දේවාලය පවත්වාගෙන නිවස තුළට කඩා වැදී ඔවුන්ට පහර දී තුවාල සිදුකර ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඇති බවය.

වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු එම නිවස වෙත පිටත් කර හැරිය ද අඩි දහයක් පමණ උසැති තාප්පය මෙන්ම එහි ගේට්ටුවට ඉබි යතුරු දමා තිබීමෙන් එම නිවස වෙත ක්ෂණිකව ළඟි වීමට නොහැකි වූ බව පොලිසිය කියයි. පොලිස් නිලධාරින් ඉනිමගක් ආධාරයෙන් තාප්පය මගින් නිවස පිහිටි භූමියට ඇතුළු වී පොලිසියෙන් බව හඟවා දොර විවෘත කරන ලෙස පැවසුව ද නිවස තුළින් කෙදිරිලි හඩක් පමණක් ඇසී ඇතැයි පොලිසිය කියයි. පොලිස් නිලධාරින් ඉදිරිපස දොර කැඩිමට සුදානම් වීමත් සමග නිවස තුළ තියුණු ආයුධ වලින් සන්නද්ධව සිටි පුද්ගලයන්  දෙදෙනා පිටුපස දොරන් පලාගොස් කැලෑවැදි

ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඒ සැනින් අවට සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද එම අපරාධකරුවන් පලාගොස් තිබූ බව පොලිසිය කියයි.  එම නිවස තුළ සිදුකළ පරික්ෂාවේදි දේවාලය පවත්වාගෙන යන කාන්තාව හා ඇයගේ මව බරපතළ තුවාල ලබා වැටී සිට ඇති අතර ඇයගේ බාල වයස්කාර දරු දෙදෙනා දැඩි ලෙස බියට පත්ව සිටි බව පොලිසිය කියයි. පැමිණි පුද්ගලයන් දෙදෙනා දේවාලය පවත්වාගෙන යන කාන්තාවගේ මවගේ ගෙල තියුණු ආයුධයකින් කැපීමේන් අධික ලෙස රුධිරය වහනය වෙමින් තිබූ බව ද පොලිසිය කියයි.

මෙම අපරාධය සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් අයකු දේවාලය පවත්වාගෙන යන කාන්තාව හොදින් දන්නා හදුනන අයකු බවත් ඔවුන් මෙලෙස සිදුකිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය නොවූ බවත් පොලිසිය කියයි.  එම පුද්ගලයා මෙම නිවසට කාලයක සිට ආගිය පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. තුවාල ලද කාන්තාවන් දෙදෙනා පානදුර මූලික රෝහලේ හා බණ්ඩාරගම දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-