ඝාතන හෝ ඒ හා සම්බන්ධ අනෙකුත් විමර්ශනවලදී ඊට සම්බන්ධ නැති පුද්ගලයන් අසත්‍ය ලෙස වරදේ පටලවන අභූත ලෙස සම්බන්ධ කරවන නිලධාරින් හා ඊට අනුබල දෙන්නන් හා මෙහෙයවන අයගේ සිවිල්
අයිතිවාසිකම් ඉවත් කිරීම සඳහා පියවර ගැනීමට ආණ්ඩුව සුදානම් වන බවත් ඒ සඳහා ස්ථාපිත කිරීමට යන විශේෂම ඡනාධිපති කොමිෂන් සභාවච කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් රඡයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබීමට නියමිත එම
විශේෂ ජනාධිපති කොමිෂන් සභාව යටතේ එවැනි නිලධාරීන් හා පුද්ගලයන්ගේ හැසිරීම හා භාවිතය විමසා බැලීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩි) සහ මුල්‍ය අපරාධ විමර්ශන කොටිඨාසය (එෆ්.සී.අයි.ඩී.) යනාදී විමර්ශන ආයතන සහ අනෙකුත් ආයතන ආවරණය වන පරිදි ඉහත කී විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු කරනු ඇති බවත් නිලධාරින්ට අමතරව එම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව මඟින් එවැනි කටයුතුවල නිරත වන සිවිල් වැසියන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියමිත බවත් වාර්තා වේ.

විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සොයා ගැනීම් අවසන් වූ පසුව සිවිල් අයිතිවාසිකම් ඉවත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවැසේ.

විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සොයා බැලීම්වලට අමතරව අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කෙරන බව වාර්තා
වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ ප්‍රධානී, ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා මහතා හදිසියේම සිවාස්ටර්ලන්තය බලා යෑම හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

නිශාන්ත ද සිල්වා මහතා පසුගිය ඉරිදා ඔහුගේ පවුලේ සාමාජීකයන් ද සමග සිවිස්ටර්ලන්තය බලා ගිය අතර ඔහු එරට දේශපාලන රැකවරණ ඉල්ලා ඇතැයි ආණ්ඩුවට දැනගන්නට ලැබි ඇත.

නිශාන්ත ද සිල්වා මහතා විමර්ශනය කළ ඉහළ පෙළේ සිදුවීම් අතර 'සන්ඩේ ලීඩර්' පුවත්පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංග හා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ යන මහත්වරුන් ඝාතනය කිරීම  සහ 'ද නේෂන්" පුවත්පත් සහකාර කර්තෘ  කීත්
නොයර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීම යනාදිය ද විය.

එම සිදුවීම් හා විමර්ශනවලදී ඒවාට හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙකු සම්බන්ධ කිරීමට ද උත්සාහයක් ගෙන ඇති බවට ද චෝදනා එල්ල වී ඇති නිශාන්ත ද සිල්වා මහතා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානී අබේකර මහතා යතේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූවට සම්බන්ධ නැති නිලධාරියකු සමග කොළඹ හෝටලයකදී කරන ලද සාකච්ඡාවක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.

මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන නීතිඥයකු ද මීට සම්බන්ධ යැයි ද එහිදී කියැවි ඇත.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකුගේ වීඩියෝවක් සංස්කරණය කර මුදාහැරීම සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීමට නියමිත බව ද සඳහන් වෙයි.

සංස්කරණය කරන ලද එම විඩියෝ පටය විදේශීය රටවල සහාය ද ඇතිව සකස් කර ඇතැයි පොලිසිය සැක කරයි. එම වීඩියෝ පටය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ගිය අසත්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයේ කොටසක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයකුව සිටියදී ඔහු තවදුරටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියකු බවට පෙන්වීමටත් ගත් උත්සහයක් බවත් අනාවරණය වි ඇත.