හාලිඇල බදුලු ඔයේ දිය නෑමට ගිය සිසුවියන් දෙදෙනෙකු 30දින සවස දියේ ගිලී මිය ගොස් ඇති බව පොලීසිය කියයි.
හාලිඇල නුගසෙවනගම
පදිංචි ආර්.එම් දිලිනි රත්නායක (15) සහ සුරේකා සංජීවනී (15) යන දෙදෙනා
දියේ ගිලී මියගොස් තිබේ.
මියගිය දෙදෙනා සමග තවත් සිසුවියක් හාලිඇල නගරය අසලින් ගලායන බදුලු ඔයට 30 දින සවස
ගොස් දිය නාමින් සිටියදී ජලයේ සැඩ පහරකට ගසාගෙන ගොස් දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය කියයි.
දිය නාමින් සිටි සිසුවියන් තිදෙනාම ජලයේ ගසාගෙන ගියත් එක් සිසුවියක් බේරී තිබෙන බව පොලීසිය කියයි.
ජලයේ අතුරුදන් වී සිටි සිසුවියන් තිදෙනා ජලයේ ගිලී සිටියදී පැය බගයකට පසුව ප්‍රදේශවාසීන් විසින්
ගොඩට ගෙන බදුල්ල මහ රෝහලට රුගෙන යන විටත් මියගොස් සිටි බව පෙලීසිය කීය.
හාලිඇල පොලීසිය පරීක්ෂණ පවත්වති.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි