මා ගණිකාවක් බව ප්‍රසිද්ධියේ කියා සිටිමින් යූටියුබ් වීඩියෝ මගින් අසාමාන්‍ය ප්‍රසිද්ධියක් උපයාගනිමින් සිටි ෂර්මි කුමාර් නමැත්තිය පසුගිය ඉරිදා රූපලාවන්‍යගාරයක් මුවාවෙන් ගණිකා සේවාවක් පවත්වායාම නිසා පොලිස් අත්අඩංගුවට පත්විය.
පොලිස් වලාන දූෂණ මර්දන ඒකකය වත්තල හැදල ප්‍රදේශයේ
රූපලාවන්‍යාගාරයකදී තිස්පස් හැවිරිදි රත්නකුමාර් ෂර්මිලා හෙවත් ෂර්මි කුමාර් නමැති ඇය හසුකරගන්නා විට  ඇය රුපියල් 30000 ක මුදලකට කාන්තාවන් සපයා තිබූ බව හෙළි විය..

සමාජ මාධ්‍ය අතර ඉහළ ජනප්‍රියත්වයක් දැරූ ඇය යූ ටියුබ් නාලිකා ඔස්සේ විටෙන් විට ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් කරළියට පැමිණියේ කාන්තා පරපුරටම නිග්‍රහ වන ආකාරයෙනි.

සමාජ මාධ්‍ය ඔස්සේ කිසිදු සභ්‍යත්වයකින් තොරව අසභ්‍ය වචන පවසමින් යම් සෘජුවම ප්‍රකාශ කළේ ඇය ගණිකාවක් බවයි. මීට වසර දහයකට පමණ පෙර මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණි ඇය, 2015 වසරෙන් පසු තමා ගණිකාවක යැයි ප්‍රසිද්ධියේ පවසමින් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූවාය.


මීට වසර තුනකට පමණ පෙරදී වත්තල හේකික්ත ප්‍රසිද්ධ විහාරස්ථානයකට ආසන්නව ඉන්දියානු නමින් රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කළ ඇය එහි රූපලාවණ්‍ය කටයුතුවලට මුවාවෙන් කාන්තාවන් මුදලට විකිණීමේ ගණිකා මඩමක්ද පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වී තිබේ. පසුගිය ඉරිදා එම ස්ථානය වැටලූ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු ෂර්මි සමහ තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඒඅවස්ථාවේ කිසියම් දෙයක් පානය කර පොලිසිය නොමග යවන්නටද ඇය උත්සාහ ගත් බව වාර්තා විය.
වසර තුන හතරක සිට ෂර්මි ගැන සමාජයේ බොහෝ දෙනෙකු කතා වුවත් ඇයට එරෙහිව කිසිදු බලවේගයක් ක්‍රියාත්මක නොවුයේ මන්ද යන්න තිබෙන්නේ ප්‍රහේලිකාවකි. එහෙත් වලාන දූෂිණ මර්දන ඒකකයේ අධ්‍යයවරයාට ඉකුත් දිනෙක ලැබුණු ලිඛිත තොරතුරකින් කියැවුණේ සමාජයට හානිදායක වන විඩියෝ දසුන් අන්තර්ජාලයට මුදාහැර පුද්ගලයන් ලිංගික ක්‍රියාකාරකම් සඳහා පොලඹවා ගනිමින් මුදල් ගරාගැනීමේ ජාවාරමක එම කාන්තාව නිරත වන බවයි. ඊට අමතරව එම තොරතුරේ අදාළ රූපලාවන්‍යගාරයට මුවාවෙන් කාන්තාවන් මුදලට විකිණීමේ ජාවාරමක්ද සිදු කරන බවටද සඳහන් කර තිබිණි.

ඒ අනුව පසුගිය මස 24 වැනිදා උපාය දූතයෙකු ලෙස වෙස් ගැන්වුණු වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙකු අප්‍රියානා රූපලාවන්‍යාගාරය සොයා ගියේය. එදින උපාය දූතයා එම ස්ථානයට යන විටත් ෂර්මි කුමාර් රූපලාවන්‍යාගාරයේ සිටියාය. ඇය සමඟ සිය අවශ්‍යතාව කතිකා කරගනිද්දි යම් කුමාර් පැවැසුවේ,
“මා ළහ බඩු ඕනෑ තරම් ඉන්නවා. ඔයාට මොන වගේ කෙනෙක්ද ඕනෙ... වයස අඩු කෙනෙක්ද.. වැඩි කෙනෙක්ද.. නැත්නම් උස මහත... කෙට්ටු ඕනෑ ජාතියක අය මගේ ළඟ ඉන්නවා..."ඒ ඇගේ භාෂාවයි. එසේම ඇය තවදුරටත් කියා තිබුණේ,
අ“ඔයා ඕනෑ වේලාවක එන්න... දැන් ගන්නවා නම්... දැන්ම තිස්දාහක් දෙන්න... මෙහේදි ඕනෑ නම් ඒකත් පුළුවන්. හැබැයි ඉඩකඩ නම් මදියි... ඕනෑ නම් පිටටත් අරන් යන්න පුළුවන්... කිසි ප්‍රශ්නයක් නෑ... මට සල්ලි විතරයි ඕනෙ..."
ඇය සිය ජංගම දුරකතන අංකයද උපාය දූතයාට දී නැවත පැමිණෙන විට ඇමැතුමක් ගෙන පැමිණෙන ලෙසටද දැන්වීය. එවිට අවැසි කාන්තාව රස්තියාදුවකින් තොරව ලබාගැනීමට හැකි බවද ඇය කීවාය.
"හරි... මිස්... මං ලබන ඉරිදා උදේ දහය වෙනකොට එන්නම්... හැබැයි මගේ තව යාළුවෙක් එක්කයි එන්නෙ. මට හොඳ ලස්සන... වයස අඩු තරුණියෝ දෙනෙක් ඕනෙ...
“අයියෝ සුළු දෙයනෙ... ඔයා එන්න...

ඒ අනුව පොලිසිය සූදානම් වූයේ පසුගිය පළමු වැනිදා (ඉරිදා) වැටලීම සිදු කිරීමටයි. ගෙවී ගිය දින කීපයේම උපාය දූතයා අමතා විමසා තිබුණේ පැමිනෙන දිනය සහ වේලාවයි. එසේ ඇය වට්ස්ඇප් අන්තර්ජාල දුරකතන මාර්ගයෙන් කාන්තාවන් කිහිප දෙනෙකුගේම ඡායාරූපද උපාය දූතයාට එවා තිබුණේ අවැසි කාන්තාව තෝරා ගැනීමටයි. කිසිදු සැකයක් නොවන පරිදි සියල්ල සැලැසුම් කළ උපාය දූතයා එම ඡායාරූප කීපයෙන් දෙදෙනෙක් තෝරාගෙන ඇයට දැන්වූවාය.
වැටලිම සිදු කළ දින වලාන දූෂණ ඒකකයේ සෙසු නිලධාරීන්ද කැටුව ගිය උපාය දූතයා මුලින්ම රූපලාවන්‍යාගාරයට ගොස් ෂර්මි හමු වූයේ අදාළ ගනුදෙනුව සඳහායි. ඇය ඒ මොහොතේ රුපියල් තිස්දහසක මුදලක් ඉල්ලා තිබුණේ එක් කාන්තාවක් මුදලට විකිණීම වෙනුවෙනි.

ඒ අනුව උපාය දූත  රුපියල් විසිදහසක අත්තිකාරම් මුදලක් ගෙවා අවශ්‍ය තරුණියද තෝරාගත්තේය.
එසේ ගනුදෙනුව සිදු වෙද්දී ක්ෂණයකින් කඩාපැන්නේ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරි කණ්ඩායමයි. පොලිසියට තමන්ගේ කූට ජාවාරම කොටුවූ බව දත් ෂර්මි, තමාගේ සුපුරුදු අසභ්‍ය වාග් ප්‍රහාරය එල්ල කරමින් නිලධාරීන්ට කීර්වේ,
මං මේ සමාජීය අවශ්‍යතාවක් කරන්නෙ ... මං වරදක් කරන්නෙ නෑ... ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කරන්න අයිතියක් තියෙනවා... මේවා නීතිගත කරන්න ඕනෑ." යනුවෙනි. මේ සමහ එදින රූපලාවන්‍යාගාරයේ මුදලට තම සිරුර විකිණීමට සිටි කළුතර සහ වැල්ලම්පිටිය පෙදෙස්වල වයස අවුරුදු විසිදෙකක සහ තිස්හතරක තරුණියෝ දෙදෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ. අනතුරුව තිදෙනා වත්තල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියෝග කෙරීණි.

ෂර්මි වරක් යු දියුබ් විඩියෝ නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී පවසන්නේ තමන් නීතියට කොටු වී අධිකරණයකට ඉදිරිපත් කළහොත් ගණිකා වෘත්තියේ සියලු රහස් හෙළි කරන බවයි.
කොළඹදී උපන් ෂර්මි, පිරිමින් සමග කරන කියන ක්‍රියාකාරකම් ගැන ප්‍රසිද්ධියේ කතා කරයි.
ෂර්මි කුමාර් අත්අඩංගුවට පත්වීමත් සමඟ වත්තල,  ඇයගේ රූපලාවන්‍යාගාරය පිහිටි අවට බොහෝ දෙනා අපට කීවේ, එම ස්ථානය පසුගිය සමයේ බලපත්‍ර ලැබූ ගණිකා නිවාසයක් සේ පවත්වාගෙන ගිය බවකි.
“අපි පහුගිය කාලේ බොහෝ වගකිවයුතු අංශවලට මේ ගැන පැමිණිලි කළා. ඒත් කිසිම වැඩක් වුණේ නෑ. ඔය කාන්තාවට රටේ බොහෝ දේශපාලනඥයන්, නළුනිළියන්, වගේම ප්‍රභූ පුද්ගලයන් සමඟ සමීප සම්බන්ධකම් තිබුණා.. රැයක්.. දවාලක් නෑ... ප්‍රසිද්ධියේ මිනිස්සු එන්නේ. ඇත්තටම පමාවෙලා හෝ වලාන දූෂිණ මර්දන අංශයෙන් ඔය කාන්තාව අත්අඩංගුවට ගැනීම ගැන අපේ ප්‍රශංසාව හිමි වෙනවා. අසල වෙළෙඳසලක් පවත්වාගෙන යන නම කීමට අකැමැති පුද්ගලයකු කියූ කතාවයි ඒ.

තොරතුරු - අමිල මලවිසූරිය