https://www.gossiplankanews.com/2019/12/5deaths-bad-weather.html
යහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක පුද්ගලයන් 4126 දෙනෙකු බලපෑමට ලක්ව තිබෙනවා. පැවති කාලගුණික තත්ත්වය නිසා පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි
බිබිල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඌරුමීතැන්න කන්ද නායයාමට ලක්වුණා. නිවාස 4 කට හානි සිදුව ඇති අතර පවුල් 20 කට අයත් සාමාජිකයින් මැදපිටිය නීලගිරි විහාරස්ථානයේ රදවා සිටිනවා.


තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් තබ්බෝව, තේවනුවර, මයිලන්කුලම යන ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුවත් කෙරෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමේ හමුවක් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. විපතට පත් ජනතාවට සහන සැලසීම ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.

නුවරඑළිය පදියපැලැල්ල මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේදී නිවස තුල පුද්ගලයන් 04 දෙනෙකු සිට ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. අද පෙරවරුවේ  පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සහ දහවල් තවත් සිරුරක් සොයා ගැනුණා. නිවසේ සිටි වයස අවරුදු 15 ක ගැහැණු දරුවකු තවමත් අතුරුදන් බවයි අප වාර්තාකරුවන්  සදහන් කරන්නේ.  එම ස්ථානයේ මෙහෙයුම් කටයුතු පවතින අයහපත් කාලගුණය නිසා නවතා දමා තිබෙනවා. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය, තුන්වන සිංහ රෙජිමේන්තුව සහ රයිෆල් බලකායට අයත් භට පිරිසක් මෙහෙයුමට එක්වුණා.