පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ඊයේ (30) පැය තුනකට ආසන්න
කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක්
සටහන් කරගත් බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ පෙරවරු 10.00ට පමණ එහි පෙනී සිටි අතර ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම සහ ප්‍රකාශය සටහන් කරගැනීම පස්වරු 12.45 දක්වා සිදු කෙරි ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඉදිරියේදී නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාගෙන් ප්‍රශ්න කිරිමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

-ඉන්දිකා රාමනායක-