අඩු ආදායම්ලාහී, පවුල්වල අඩු අධ්‍යාපන මට්ටමක් සහිත ලක්ෂයක් සඳහාරජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසර මුල සිට
ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී ඊයේ (23) පැවැසීය.

රැකියාලාභියා දැනට සමෘද්ධි ප්‍රතිලාභ ලබන්නකු වීම සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර
සාමාන්‍ය පෙළ අසමත්ව තිබීම මෙම රැකියා සදහා සුදුසුකම් ලෙස අනිවාර්ය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රැකියාව හිමිවීමත් සමග එම පවුලට ලැබෙන සමෘද්ධි ප්‍රතිලාභ අහිමිවන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවැසීය.

මෙම වැඩපිළිවෙළ රැකියා සැපයීමට වඩා දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය.

රැකියාලාභීන්ට මාස 6ක පමයි පුහුණුවක් ලබාදීමෙන් පසුව මසකට රුපියල් 25,000. 30,000  ලබාදෙමින් පමණ වැටුපක් ඔවුන් තමන් ජීවත්වන ප්‍රදේශය තුළම ඩෙංගු මර්දන, පරිසර සංරක්ෂණ, සිවිල් ආරක්ෂාව වැනි වැඩසටහන් සඳහා ඵලදායී ශ්‍රම බලකායක් ලෙස යොදවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නිමල කොඩිතුවක්කු