විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන්
මගීන්දෙදෙනෙක් පෙරේදා
(3) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී රේගු අත්අඩංගුවට පත්ව සිටිති.

සැකකරුවන් 20 වැනි වියෙහි පසුවන අතර රාගම සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් රුපියල් 2,280,000 ක් වටිනා දුම්වැටි 25720 අඩංගු කාටූන් 123ක් නීතිවිරෝධී ලෙස රැගෙනවිත් තිබුණි.

-ටි.කේ.ජි.කපිල-