https://www.gossiplankanews.com/2019/11/wimalaweera-dissanayake-story.html
සුගියදා වනජීවී රාජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම්දුන් අම්පාරේ මන්ත්‍රී විමලවීර දිසානායක මහතාගේ නොපසුබට උත්සාහයෙන් ඉහළට ආ ජීවිත කතාව ගැන
මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් හටගෙන තිබේ. නැගෙනහිර පළාතේ දිළිඳු පවුලක ඉපදුණ ඔහුට පාසල් යාමට පවා නොහැකිවූ නමුත් ඔහු පසුකලෙක විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබාගන්නේය.
දුෂ්කර දිවිය ගෙවූ සමයේ කාලයක් හෝටලයක පිගන් හේදු බවත් තවත් කාලයක් කම්කරුවෙකු ලෙස තැන තැන කුලී වැඩ කල බවත් ඔහු කියා තිබේ.

පොඩි නෝනා සහ තිස්‌ස දිසානයක යුවළගේ දරු සයදෙනකුගෙන් යුත් කැදැල්ලේ උපන් විමලවීර දිසානායක  ඉගෙන ගන්නට ගියේ කෑගල්ලේ මාදෙයියාව කණිෂ්ඨ විද්‍යාලයටයි. නමුත් ආර්ථික අපහසුකම් නිසා ඔහුට වැඩිදුර අධ්‍යාපනය ලද නොහැකි විය.
 හයේ පන්තියෙන් දිසානායකගේ පාසල් ගමන අවසන් විය. පසුව කුලියක්‌ හොය හොය හැමතැනකම ඇවිද්ද ඔහු හරකුන්ට තණකොළ කපලා දුන් බවත් නිවසක්‌ හදන්න සිමෙන්ති අනලා අත්උදව් දුන් බවත් කියා තිබේ. හෝටල්වල පිඟන් සේදීම දර පැලීම

වැනි දේ කර ඔහු පවුලට සවියක් වෙන්නට උත්සාහ කර තිබේ.
අන්තිමේදී කෑගල්ල අත්හැරලා මේ දරු පවුලම අම්පාරේ නිව්ගුණ ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇත. ඒ කාලේ හිඟුරාණ සීනි සමාගම ආරම්භ කර තිබූ නිසා බොහෝ දෙනකුට කුලි වැඩ තිබූ බවත් ඔහු එයට සම්බන්ධ වූ බවත් පැවසේ. වයස අවුරුදු 16 ක්‌ වෙද්දි හිගුරාණ සීනි සමාගමේ කම්කරුවකු ලෙසින් රැකියාවට එකතු වෙන ඔහුට නිව්ගුණ සිට දීඝවාපියට යනකම් කිලෝමීටර් 15 ක්‌ විතර උදැල්ලත් කරේ තියන් පයින් යන්න වූ බවත් පැවසිණි.
 මේ සියල්ල මැද මේ තරුණයා තමන්ට ලැබෙන හැම විවේකයෙදිම කරන්නේ කියවන එක. අතට හසුවෙන හැම පත්තරයක තිබෙන මරණ දැන්වීමේ සිට සෑම දෙයක්‌ම දිගින් දිගටම කියවන එක පුරුද්දක්‌ වෙලා තිබුණේ. මෙහමයද්දී ඩීමන් ආනන්දගේ ශත 75 නවකතාවේ සිට මහාවංශය දක්‌වා පොත්පත්
රැසක්‌ කියවා අවසන්.

දැන්නම් ඔඵවට බරක්‌ දැනෙනවා කියා දිනක්‌ ඔහුට සිතුණා. ඒක නිසා මේ පාර සාමන්‍ය පෙළ විභාගය ලියන්න ඕන කියා සිතා එයට සුදානම් වන්නට වුණා. සාමන්‍ය පෙළ විභාගයට මාස තුනයි තියෙන්නේ. විෂය නිර්දේශය සොයා ගෙන ඊට අදාළ පොත් පත් බොහෝම අපහසුවෙන් පුස්‌තකාල වලින් සොයා ගත්තා. දැන් උක්‌ගස්‌ පාත්ති අස්‌සේ උදළුගාන ගමන් ලැබෙන මද විවේකයේදී දිසානායක කරන්නේ පොත් පාඩම් කරන එක. සමහර දවස්‌වල රෑට උක්‌ වගාවන් මුර කරන්නත් සිද්දවෙනවා. ඒ දවස්‌වල ඔහු කුප්පි ලාම්පුවක්‌ තියාගෙන දිගින් දිගටම පොත් කියනවා. මේ විදිහට මාස තුනක්‌ මහන්සි වෙලා පොත්පත් කියවන්නට වුණා.

අන්තිමේදී විභාගයට පෙනී සිටියා. ප්‍රතිඵල ආවා. සම්මාන හතරක්‌ එක්‌ක විෂයන් හතක්‌ සමත්වෙලා තිබ්බා. එත් අංක ගණිතය පේල් වෙලා තිබ්බා. නැවතත් ඔහු අංක ගණිතයට ඉදිරිපත් වෙන්න සුදානම් වෙනවා. ඒ නිසා විභාගයට මාසයක්‌ තියෙද්දී රැකියාවෙන් නිවාඩු දමා කෑගල්ලේ මිතුරකුගේ මවක්‌ සොයා යනවා. ඇය ගුරුවරියක්‌ නොවුණත් අංක ගණිතය හොඳින් කියා දෙනවා. අන්තිමේදී දිසානායක සම්මාන සමාර්ථයක්‌ සමඟ ගණිතය සමත් වෙනවා.

එදා පටන් රැකියාවන්වලට අයෑදුම්පත් දානවා. ඒත් වැඩක්‌ වුණේ නැහැ. අවසානයේ අම්පාරේ සිටි ප්‍රබල එජාප ඇමැතිවරයෙක්‌ ළඟට ගිහින් රැකියාවක්‌ ඉල්ලා සිටියා. තමුසේ ශ්‍රී ලංකාකාරයෙක්‌ තමුසෙට රැකියාවක්‌ දෙන්නේ බැහැ යනුවෙන් ඔහු ගෝරනාඩු කරනවා.

හරි යන්නේ නැහැ. උසස්‌ පෙළත් කොහොම හරි ලියන්න ඕන කියා සිතු මේ උත්සාවන්ත තරුණයා ඉතා අපහසුවෙන් රුපියල් 35 ක්‌ ඒ සඳහා සොයා ගන්නවා. විභාගයට තියෙන්නේ මාස තුනයි. කොහෙම හරි විෂය නිර්දේශය හොයා ගන්නවා. ඊට පස්‌සේ ඒ සඳහා අවශ්‍ය පොත්පත් හොයාගන්න වෙහෙසෙනවා. දේශපාලන විද්‍යාව, සිංහල, ආර්ථික විද්‍යාව සහ බෞද්ධ ශිෂ්ඨාචාරය මේ සඳහා තෝරගන්නවා. අවසානයේදී පාඩම් කරන්න පටන් ගන්නවා. නිදිවරාගෙන පාඩම් කරනවා. පෙර මෙන් ගිණියම් අව් කූටකේ උක්‌ගස්‌ අතර සිට පොත් පාඩම් කරනවා. තමන්ට නියමිත උක්‌ වගාවේ වැඩ කොටස ඉක්‌මනින් අවසන් කර පැත්තකට වෙලා පොත් කියවනවා. මේ අකාරයෙන් බොහෝ මහන්සිවෙලා පාඩම් කළා. විභාගයට මුහුණ දුන්නා.

අන්තිමේදී විභාගයේ ප්‍රතිඵල එනකම් පවුලේ උදවිය මෙන්ම මිතුරන් ද මඟ බලාගෙන හිටියා. ඔන්න ප්‍රතිඵල ආවා. කාගෙත් බලාපොරොත්තු ඉහළ දමමින් දිසානායක ලංකාවේ ඕනෑම සරසවියකට ඇතුළත්වීමට හැකිසේ උසස්‌ පෙළ විභාගය ඉහළින් සමත්ව තිබුණා. වසර ගණනාවක්‌ ගුරුවරුන් රැසකගෙන් ක්‍රමානුකුලව ඉගෙනගෙන විභාගය යන්තමින් හෝ සමත් නොවන බොහෝ දෙනෙකු සිටිනවා. නමුත් දිසානායක මේ හපන්කම කළේ මාස තුනක්‌ කිසිම ගුරුවරයෙක්‌ නොමැතිව තනියෙන් පාඩම් කරලා.

ඔහු අන්තිමේදී විශ්වවිද්‍යාලයට ඇතුළුවීම සඳහා අයෑදුම්පත්‍රයක්‌ යොමු කළා. ඒ අණුව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සදහා ලිපියක්‌ ලැබුණා. ඔහු ඒ සඳහා සුදානම් වුනා. නමුත් ඊට සතියකින් පසු ලැබුණු තවත් ලිපියකින් ඔහුගේ හිතේ තිබුණ බලාපෙරොත්තු බිඳ වැටුණා. ඒ වසර පහක පාසල් තොරතුරු ඉල්ලා එවා තිබූ ලිපියයි. හයෙන් පස්‌සේ පාසල් නොගිය මේ තරුණා කෙසේ නම් පාසල් තෙරතුරු ලබා දෙන්නද?. දැන් ඔහුට සරසවි සිහිනය බිඳ වැටෙන්නට වුණා. ඒ නිසා මේ පිළිබඳ එවකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ස්‌ටැන්ලි කල්පගේ මහතාට තම දුක්‌ගැනවිල්ල පෞද්ගලික අභියාචනාවක්‌ මගින් දැනුqම් දෙන්නට වුණා. මේ උත්සාහවන්ත තරුණයාගේ අභියාචනාව දුටු ස්‌ටැන්ලි කල්පගේ මහතා දැඩි අනුකම්පාවක්‌ ඇතිවුණා. එම වැකිය එම වසරට පමණක්‌ තාවකාලිකව අත්හිටුවා කොළඹ විශ්වවිද්‍යාලේ අභ්‍යන්තර ශිෂ්‍යයෙක්‌ වශයෙන් මෙම තරුණයා බඳවා ගත්තා.

ඒ සමයේ ශිෂ්‍ය අරගල වලින් විශ්වවිද්‍යාල වැසී යන්නට වුණා. 1987 සිට 90 දක්‌වා වසර තුනක්‌ මේ අරගල නිසා වසා දැමුවා. ඒ කාලයේ පණ බේරා ගන්නට දැඩි වෙහෙසක්‌ ගන්නට දිසානායකට සිදුවුණා.

උක්‌ගස්‌ අස්‌සේ දක්‌ෂ කම්කරුවෙක්‌ වෙලා හිටිය දිසානායක දැන් විශ්වවිද්‍යාලයෙත් කැපී පෙණෙන චරිතයක්‌ වුණා. ඒ නිසා ඔහු ශිෂ්‍ය සංගමයේ ලේකම් ධුරයටත් විටෙක මෙම තරුණයා පත්වුණා.

ඒ කාලේ විශ්වවිද්‍යාල විභාගවලින් අසමත් වුණොත් මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම් නතර කරනවා. ඒ නිසා මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සමගින් සාකච්ජා කරලා අසමත් අයට එම මුදල් නැවත ලබා දෙන්නත් නොගෙවු හිඟ මුදල් නැවත ගෙවන්නත් කටයුතු සකස්‌ කරගත්තා. ඊට අමරතරව පුස්‌තකාල ගැටලු, ආපනශාල ගැටලු, ආහාර ගැටලු විසඳන්න මම කටයුතු කළා. ඒවා කළේ කවුද කියලා අද සිසුන් දන්නේ නැති වුණත් ඒවා භුක්‌ති විඳිනවා දැක්‌කම මට සතුටක්‌ ඇතිවෙනවා යෑයි වීමලවීර දිසානායකයන් සිය අතීතය ආවර්ජනය කරමින් ඉරිදා 'දිවයින'ත් සමඟ දොඩමළු වුණා.

කොළඹ විශ්වවිද්‍යාලයේ වසර 07ක දිගු කාලයකින් පිටවෙන්නේ ගෞරව උපාධිධාරියකු ලෙසයි. ඉන් පසුව අම්පාර වීරගොඩ සමූපකාර සමිතියේ සාමන්‍යාධිකාරිවරයා බවට පත්වන දිසානයන්ගේ ජීවිතයේ අලුත් ගමනක්‌ ඉන්පසු ආරම්භ වෙනවා. හයේ පන්තියෙන් පාසලට අයුබෝවන් කියූ දිසානායක නැවත පාසලට පිවිසෙනවා. ඒ අම්පාර ඩී. එස්‌. සේනානායක ජාතික පාසලේ දේශපාලන විද්‍යා ගුරුවරයෙක්‌ ලෙසින් 1993 වසරේදියිs. කඩා වැටුණු ගුරු සංවිධාන පණගන්වා ගුරු සටනට පණ පොවමින් ඔහු ගුරුවරුන්ට ජයග්‍රහණයන් රැසක්‌ දිනා දෙන්නට සමත් වෙනවා.

දමන ප්‍රාදේශීය සභාවට 94 වසරරේදී තරග වදිමින් එහි විපක්‌ෂ නායකවරයා බවට ද පත්වෙනවා. 98 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවද සාර්ථකව නිම කළේ හයේ පන්තියෙන් පාසලට ආයුබොවන් කියූ විමලවීර දිසානායක නම් මෙම අපූරු චරිතයයි.

2000 වසරේ පැවති මහා මැතිවරණයෙන් පොදුජන එක්‌සත් පෙරමුණෙන් දිගාමඩුල්ලේ අපෙක්‌ෂකු ලෙස ඔහු ඉදිරිපත් වෙනවා. ඒ මොහොතේ ඔහු අත තිබුණේ රුපියල් 300 ත් පමණයි. නමුත් හිත මිතුරන්ගේ ආධාර උපකාරය මත අම්පාරේ දේශපාලන පතාක යෝධයන් පරදා ජයගෙන පාර්ලිමේන්තුවට යැමට තරම් ඔහු වාසනාවන්තයකු වෙනවා.

නැවතත් 2008 වසරෙදී වැඩිම මනාපයෙන් නැඟෙනහිර පළාත් සභාවට තේරීපත්වනවා. එහිදී නැඟෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන, ඉඩම්, ප්‍රවාහන සහ සංස්‌කෘතික ආමාත්‍ය ධුරයද ලැබුණේ ඔහුටයි. යුද්ධයෙන් වැනසී ගිය නැඟෙනහිර අධ්‍යාපනයේ සුක්‌කානම හිමිවූයේ එදා උක්‌ගස්‌ අතර පස්‌දැමූ කොණ්‌ඩේ පොකුටු කම්කරුවාය. එදා මාදෙයියාව විදුහලෙන් හයෙන් ඉවත්ව හෝaටල්වල දර පලා පිඟන් හේදූ කොලු ගැටයාය.

එතැන් සිට යුද්ධයෙන් විනාශවූ නැඟෙනහිර පාසල් නැවත ගොඩනඟන්නට වුණා. වැසී ගිය පාසල් නැවත ආරම්භ කරන්නට වුණා. සිසු දරුවන්ගේ මොළගෙඩි කා නොදමන යහපත් අධ්‍යාපනයක්‌ ගොඩනංවන්නට යහපත් අධ්‍යපනය නම් වැඩසටහන ආරම්භ කරන්නට වුණා. පළාත් අතරින් අවසාන තැනට තිබුණ නැඟෙනහිර පළාතේ අධ්‍යාපනය ඉදිරියට ගෙන එන්නට කටුයුතු කළා. 2013 වසරේදී නැඟෙනහිර පළාත් සභාවට තේරීපත්ව එම අවස්‌ථාවේ පෙර ලැබූ ඇමතිකම් ගොන්න හිමි කර ගැනීමට සමත්කම් දක්‌වන්නේ ද දිසානායකයන්ය.

කිසිදා බස්‌ රථයක්‌ ධාවනය නොවුන අති දුෂ්කර ගම්මාන රැසකට මාර්ග සකසා ප්‍රවාහන පහසුකම් ලබාදුන්නා. කුප්පි ලාම්පු ඵළියෙන් රැය පහන් කළ ජනයාට අන්ධකාරය දුරුකරන්නට විදුලිය ලබා දුන්නා. අධ්‍යාපනය පමණක්‌ නොව සෞඛ්‍ය ඇතුළු සෑම අංශයකින්ම ජනයාට කළ හැකි උපරිම සහය දුන්නේ දිනකට පැය 18 ක්‌ පමණ වැඩ කරමින්. අසරණ ජනයාගේ දුක වේදනාව දුටු සෑම මොහෙතේම සාක්‌කුවේ තිබෙන මුදල පරිත්‍යාග කරන්නට තරම් නිර්ලෝභී වුණා. අකුරු කරන්නට පොත් පත් නැති දරවන්ට තම වැටුපෙන් නිතර දෙවෙලේ පොත් පත් අරන් දුන්නා. අතීතයේ තමන් පොත්පත් නැතිව පාසල් යැමට නොහැකිව දුක්‌ විඳි අයුරු නිරන්තරයන්ම මතකයට නැගුණා. ඇමතිකමේ බලය උපයෝගී කොට නොගෙන කිසි කලෙක මුදලක්‌ උපයන්නට නොගිය මේ අපුරු මිනිසා දේශපාලන මඩ ගොහොරුවේ උඩුගම් බලා පිහිනන්ට වුණා. ඒ නිසා කිසි කලෙක ඇතැම් දේශපාලකයන් මෙන් මුදලට
රැකියා විකුණන්න ගියේ නැහැ. ඉඩම් ඇමැති වුණත් ඉඩකඩම් ගන්න ගියේ නැහැ. සමහර මැති ඇමැතිවරුන් වෙනුවෙන් වැව් තාවුල්ලක, වෙරළ තීරවල්වල හෝටල් හදන්න ගියේ නැහැ.

විමලවීර දිසානායකයන් රුපියල් ශතවලට තම දේශපාලන ආත්මය පාවා නොදුන් මේ සොඳුරු මිනිසා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්‌. පාර්ලිමේන්තුව රස ගන්වමින් අපුරු කතා කියන්නෙක්‌. සාහිත්‍ය කරුණු ගෙන එමින් උපහාසත්මක කතා මවන්නෙක්‌ බවට පත්වෙලා සිටින්නේ. ඇමැතිකම් තනතුරු පසුපස නොගොස්‌ රනිල් සජිත් ආණ්ඩුව පලවා හැරීමට දීගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නායකත්වය ගෙන කටයුතු කලහ.
මේ උත්සහවන්තයා  රාජ්‍ය ඇමතිදූරයේ දිව්රුම් දෙන්නේ දිගාමඩුලු ජනතාවට නව බලාපොරොත්තුවක් සමගිනි.


තොරතුරු -හේමන්ත ශ්‍රීලාල්