https://www.gossiplankanews.com/2019/11/viharamahadevi-front-house-murder.html
කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට පුරහල ධර්මපාල මාවතේ නිවසකදී ඊයේ5 රාත්‍රී පිහියෙන් ඇන පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අද (06) පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ දී කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙත ඇත.
119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණ තොරතුරක් මත
මෙම ගාතනය සම්බන්දයෙන් පොලිසිය විමර්ශන ඇරඹූ අතර විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට නිවසේ කුලී පදනමින් සිටි පුද්ගලයෙකු හා තවත් පුද්ගලයෙකු අතර ඇතිවූ ආරවුලකින් පසු එම බාහිර පුද්ගලයාව ඝාතනය කර තිබුණි.
සිද්ධියේ දී පිහි ඇනුම සිදු කළ කුලී නිවසේ සිටි සැකකරු ද තුවාල ලබා ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
49 හැවිරිදි එම සැකකරු පොලිස් රගර් කණ්ඩායමේ සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවත් පසුව

ඔහු කොළඹ ප්‍රධාන පිරිමි විදුහලක රගර් උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිට ඇති බවද පොලිසිය කීය. මෙම සැකකරු වසර 7 ක පමණ කාලයක සිට මෙම කුලී නිවසේ සිද්ධිය වන තෙක් පදිංචිව සිට ඇති අතර ඝාතනයෙන් පසු අතුරුදන්වූ ඔහු සොයා ඊයේ සිට පොලිසිය පරීක්ෂණ පවත්වා ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය නිසා ඝාතනයට ලක්වූයේ ගලබඩආරච්චිගේ මනෝජ් සුදර්ශන පෙරේරා නමැති 49 හැවිරිදි අයෙකි. හෝමගම අතුරුගිරිය පාර දෙවන පටුමග පදිංචිව සිටි ඔහු ඊයේ (5) රාත්‍රි 9.15ත් රාත්‍රි 9.40 ත් අතර කාලයේදි කුලී වැසි රගර් පුහුණුකරු සමග ආරවුලක් මත පිහි ඇනුමට ලක්ව තිබේ.
ආරවුලට හේතුව තවම විමර්ශනය කරමින් පවතී. කොම්පඤ්ඤවීදිය පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.