වත්මන් ආණ්ඩුව ඇමෙරිකාව හා අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන ලෙස රජයට බල කරමින් උඩුදුම්බර කාශ්‍යප හිමියන් උපවාසයක් ආරම්භ කළහ.
කොළඹ
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සෙත් පිරිත් දේශනා මධ්‍යයේ  උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කළ අතර , මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම ගිවිසුව අහෝසි කරන බවට ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කරන තෙක් උන්වහන්සේ උපවාසයේ නිරත වීමට අපේක්ෂා කරයි.