ආන්දෝලනයට ලක්ව තිබෙන එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් වීඩියෝවක් නිර්මාණය කර එය අන්තර්ජාලයට මුදාහැර තිබෙන යූටියුබ්හි ප්‍රකට නමක් දිනූ තිස්ස ජනනායක මහතා සිය වීඩියෝව ඉවත් කරගෙන තිබෙන බව
වාර්තාවේ.
එම්සීසී ගිවිසුම මගින් ශ්‍රී ලංකාව මැදින් ඇමරිකානු කොරිඩෝවක් සකස් කරන බවට දේශපාලන පක්ෂයක් ප්‍රචාරය කරන නමුත් එම කරුණු සත්‍ය නොවන බවට රජය පවසන අතර නිවැරදි කරුණු සම්බන්ධ මතභේදකාරී තත්වයක් මේ වනවිට පවතී.
මේ වනවිටත් එම ගිවිසුම නව ජනපතිවරයෙකු යටතේ

පමණක් අත්සන් කර ක්‍රියාවට නංවන්නට ඇමරිකාව එකගවී ඇති අතර ඒ නිසා අනිසි බියක් ඇතිකරගත යුතු නැති බවරජය පවසා ඇත.
කෙසේ වෙතත් ජනපතිවරණ උණුසුම මත මෙම කරුණු දේශපාලන වශයෙන් වාසියකට පෙරළාගන්නට ඇතැම් පිරිස් ඒ ගැන සාවද්‍ය කරුණු ප්‍රචාරය කරමින් සිටී.
යූටියුබ්හි ප්‍රකට නමක් දිනූ උපකාරක පන්ති ආචාර්යවරයෙකු වන තිස්ස ජනනායක මෙම අවස්ථාවේ වැරදි කරුණු ඇතුළත් කර වීඩියෝවක් සැකසූ බවට සමාජ ජාලතුළ විවේචනයට ලක්වූ අතර
ඔහු දේශපාලන පක්ෂයක උවමනාවට එම වීඩියෝව සකසා ඇති බවටද චෝදනා එල්ලවූයේ සිසුන් නොසිටි සභාවක කළ සූදානම් කරගත් පටිගත කිරීමක් ලෙස එය ඉදිරිපත් කළ නිසාය.දේශපාලන වශයෙන් මතභේදකාරී එම වීඩියෝව ඔහු දැන් ඉවත් කරගෙන තිබේ.