ජනාධිපතිවරණයෙන් පිළිබිඹු වූ ජනමතය මත පදනම්ව සිය අමාත්‍ය ධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වන බව කබීර් හෂීම් මහතා පවසනවා.

ජාතික හෙළ උරුමයේ මහලේකම්,
මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද (නොවැම්බර් 17) සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
මේ අතර ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ගරු කරමින් තමන් මෙම තීරණය ගත් බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.

එසේම නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බව නිවේදනය කළා.

ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ යහපාලන රජයේ අමාත්‍ය ධුර දැරූ කිහිප දෙනකුම අද දිනයේ සිය තනතුරුවලින් ඉවත් වීමට පියවර ගැනීම කැපී පෙනුණා.